ලීටර් 18 ගෑස් වෙළෙඳ පොළට

725

ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළේ අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
 
 ඒ අනුව එම ගෑස් සිලින්ඩරය ඉදිරි සතියේ සිට වෙළෙඳපොළට නිකුත් කරන බව පැවසූ..
 
 ඇමැතිවරයා එහි ලීටර් 18 ලෙස සහ කිලෝග‍්‍රෑම් 9.5 ලෙස සටහන් කර තිබිය යුතු බව ද කීවේය.
 
 මෙම ගෑස් සිලින්ඩරයක් කොළඹ දිස්ත‍්‍රික්කයේ රුපියල් 1150කට අලෙවි කළ හැකි අතර සෙසු දිස්ත‍්‍රික්කවල ප‍්‍රවාහන ගාස්තු ඇතුළත් කළ විට සුළු මිල සංශෝධනයක් වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
 
– අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment