‘ලොව වෙන පුටින්ලා නැත එකම පුටින් මා පමණයි’ – කෘත්‍රිම බුද්ධියෙන් නිපදවූ පුටින්ට සැබෑ පුටින් කියයි

609

පසුගිය සතියේ රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් මහතාට කෘත්‍රිම බුද්ධියෙන් නිපදවූ පුටින් හා සමාන තැනැත්තෙකුගේ ප්‍රශ්න කිරීමට මුහුණ දෙන්නට සිදුවිය. මේ ගැන ලෝකයේම අවධානය යොමුවිය.

කෘත්‍රිම බුද්ධියෙන් නිපදවූ පුටින් හා සමාන තැනැත්තා මෙහිදී ඇසුවේ “ජනාධිපතිතුමනි, සුබ සන්ධ්‍යාවක්, මම ව්ලැඩිමීර් ව්ලැඩිමිරොවිච්. ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඇත්තෙන්ම ඔබ හා සමාන අය තවත් සිටිනවාද? තවත් කරුණක් නම් කෘත්‍රිම බුද්ධිය සමඟ ඇති අනතුර පිළිබඳව ඔබේ ආකල්පය කුමක්ද? යන්නයි.

මෙහිදී සැබෑ පුටින් ජනපතිවරයා “ඔබට මා සමඟ කතා කිරීමට සහ මගේ කටහඬ භාවිත කළ හැකිය. නමුත් මා මෙන් කතා කළ හැක්කේ එක් අයකුට පමණක් බව මම හිතනවා. ඒ මම පමණකි. අපි කෘතිම බුද්ධියට බිය විය යුතුද නැද්ද යන්න ගැන කරනවානම් එය වැළැක්විය නොහැක. ඒ කියන්නේ අපි ක්‍රියාවලියට නායකත්වය දිය යුතුයි. කවුරුත් දන්නේ නැහැ අපි කොතැනට යනවාද කියලා. මේක තමයි අද යථාර්ථය” යනුවෙන් කියා සිටියේය.

මෙම පුවත්පත් සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතිදා පැය හතරකට අධික කාලයක් පැවති අතර එය පුටින් ජනාධිපතිවරයා වසර අවසානයේ පවත්වන මාධ්‍ය හමුවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment