විද්‍යුත් දුම්වැටි ගමටත් රිංගයි

435


ග්‍රාමීය ප්‍රදේශවල මේ වන විට ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජා – ඇළ විශේෂ සුරාබදු වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව අත් අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමිනි.

මේ වනවිට කොළඹ, ගම්පහ, පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පාසැල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිතා වන බව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment