විදෙස් කතකට පහරදුන් උණවටුනේ තැඹිලි වෙළෙන්ඳා අත්අඩංගුවට

82

උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී විදේශීය කාන්තාවකට පහරදුන් බව කියන තැඹිලි වෙළෙන්දෙකු හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන බොනවිස්ටාව පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

සංචාරයක් සඳහා පැමිණ සිටින රුසියානු ජාතික කාන්තාවක් 20දා සවස ඇයගේ යෙහෙළියක්ද සමග සැකකරුගෙන් තැඹිලි ගෙඩියක් මිලදී ගෙන පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය පානය කිරීමට නොහැකි තත්වයේ තිබීම නිසා සැකකරුට දොස් පවරා ආපසු මුදල් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ සිදුවූ බහින්බස්වීමකදී සැකකරු විසින් මෙම පහරදීම සිදු කර ඇත. පසුව ඇය ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ගොස් ඇති අර ඇයගේ යෙහෙළිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දුනුවිල මහතා ඇතුලු‍ නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ. සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

අහංගම සුගතපාල දීයගහගේ,හබරාදුව ඒ.එල්.ඒ.ආරියරත්න, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment