ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවෙනි තරගය – දැවැන්ත ජයක් සමගින් නවසීලන්තය තරගාවලිය 1-1 කරයි

325

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ (30 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 111 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 329 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 218 ක් පමණි.

අයිසීසී ලෝක ශූරතා එක්දින ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර නවසීලන්ත කණ්ඩායම ඊයේ ලද ජයග්‍රහණයත් සමග මේ වන විට තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයක පසුවේ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සෝපී ඩේවින් ලකුණු 137 ක් සහ ඇමෙලියා කෙර් ලකුණු 108 ක් ලබා ගත්හ.

පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් විශිෂ්ට ශතකයක් නොදැවී වාර්තා කළ නායිකා චමරි අතපත්තු ඊයේ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා ය.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 84 ක් වාර්තා කිරීමට කවීෂා දිල්හාරි සමත් වූවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඕෂධී රණසිංහ කඩුලු 3ක් සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු දෙකක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment