ශී‍්‍ර ලංකාවට එරෙහි ඔස්ටේ‍්‍රලියානු සංචිතයෙන් ප‍්‍රබලයෝ හැලෙති

614

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කළ ඔස්ටේ‍්‍රලියානු සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සත්කාරක කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ඒරන් ෆින්ච්ට හිමි වී ඇති අතර ප‍්‍රබල පිතිකරු ඬේවිඞ් වෝනර් සහ මිචෙල් මාස්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ද මෙම තරගාවලියට එක් නොවන අතර එළැඹෙන පාකිස්තාන තරගාවලියට සම්බන්ධවීම අරමුණු කර ගනිමින් ඔහු මෙම තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඒ අනුව ශී‍්‍ර ලංකාව සමගින් පැවැත්වෙන තරගාවලියේදී ඔස්ටේ‍්‍රලියාවේ වැඩ බලන පුහුණුකරු ලෙස ඇන්ඩෘ මැක්ඩොනල්ඞ් පත්කර තිබේ.

ශී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ලබන පෙබරවාරි මස 11 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ.

නම් කළ ඔස්ටේ‍්‍රලියානු සංචිතය – ඒරන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ආගර්, පැට් කමින්ස්, ජෝෂ් හෙසල්වූඞ්, ට‍්‍රැවිස් හෙඞ්, මොයිසස් හෙන්රික්ස්, ජෝෂ් ඉන්ග්ලිස්, බෙන් මැක්ඩර්මෝට්, ග්ලේන් මැක්ස්වෙල්, ජේ රිචඞ්සන්, කේන් රිචඞ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඞ්, ඇඩම් සම්පා.

advertistmentadvertistment
advertistmentadvertistment