ශු. බයිබලයෙන් අත්වැලක්

220

අපගේ පවුල් ජීවිතය වඩාත් ශක්තිමත් කරන උපදෙස් අඩංගු ශු. බයිබලය පරිහරණය කිරීමට අප පුරුදු පුහුණු වන්නේ නම් එය ඉතාමත් වාසනාවකි. ශු. බයිබලයෙන් හිතෝපදේශ හා උපදේශකයා හෙවත් සිරාක් යන ග්‍රන්ථවල මෙම මඟපෙන්වීම් සිය ගණනින් ඇත.

‘ඔබ ප්‍රේම කරන බිරිඳට ඊර්ෂ්‍යා නොකරන්න. ඔබේ හානියට තුඩු දෙන නපුර ඇයට කියා නොදෙන්න.” (උපදේශකයා හෙවත් සිරාක් 9:1)

“හුරුබුහුටි ස්ත්‍රියකගෙන් ඔබේ නෙත් ඉවතට ගන්න. අනෙකුට අයිති රූපශ්‍රීය දෙස ඔබේ නෙත් යොමු නොකරන්න. ස්ත්‍රියකගේ රූ සපුවෙන් බොහෝ දෙනෙකු නොමග ගොස් ඇත. එයින් ගින්නක් මෙන් රාගය දල්වනු ලබන්නේය.” (උපදේශකයා හෙවත් සිරාක් 9:8)

අනිසි සබඳතා වලින් සිය පවුලේ ජීවිතය විනාශ කර ගන්නා අයට ශු. බයිබලය එමගින් පිළිතුරු දෙයි.

“යහපත් භාර්යාවකගේ පුරුෂයා සැබැවින්ම වාසනාවන්තයෙකි. ඔහුගේ ජීවිත කාලය දෙගුණ කරනු ලබන්නේය.” (උපදේශකයා හෙවත් සිරාක් 26:1)

“සැබැවින්ම යහපත් භාර්යාව විශිෂ්ඨ දායාදයකි. සමිඳුන් වෙත ගරු බිය ඇත්තන්ට එය ප්‍රදානය කරනු ලබන්නේය.” (උපදේශකයා හෙවත් සිරාක් 26:3)

“මනා පිළිවෙලක් ඇති ගෙදරක ප්‍රීතිමත් බිරිඳගේ රූ සපුව සමිඳු ගිරි මත උදාවන සූර්යයා මෙනි.” (උපදේශකයා හෙවත් සිරාක් (26:16)

“සිය සැමියාට ගරු කරන බිරිඳ සියල්ලන් විසින් ප්‍රඥාවන්තියක ලෙස සැලකේ. අහංකාරයෙන් ඔහුව හෙලාදකින තැනැත්තී සියල්ලන් විසින් දුෂ්ටයකු ලෙසින් සැලකේ. යහපත් බිරිඳගේ ස්වාමියා වාසවාන්තයෙකි. ඔහුගේ ආයුෂ දෙගුණ වනු ඇත.” (උපදේශකයා හෙවත් සිරාක් (26:26)

ශු. බයිබලයේ හිතෝපදේශ ග්‍රන්ථයෙන්ද පවුල් ජීවිතය පිළිබඳ විවිධ මගපෙන්වීම් ඇතුළත්ය.

“නැණවත් වනිතාව සිය පවුල් ගොඩනගන්නීය. අනුවණ වනිතාව සිය අතින්ම එය බිඳ දමන්නේය.” (උපදේශකයා හෙවත් සිරාක් (14:1)

“සත් ගුණවත් බිරිඳක කොහෙන් සොයා ගත හැකිද? අගේ අගය මුතු මැණික්වලටත් වැඩිය. සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.” (හිතෝපදේශ 31:10-11)

“ඈ කඩිසරව වැඩට මුළු හිත යොදන්නීය. ඇගේ දෑත සවිමත් කරගනියි.” (හිතෝපදේශ 31:17)

“ඈ අලස කමින් තොරව ක්‍රියාකරයි. පවුලේ කටයුතු මනාව සංවිධානය කරයි. ඇගේ දූ දරුවන් ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි.” (හිතෝපදේෂ 31:27-28)

පවුලේ දිවිය සරු කරගන්වා ගැනීමෙහිලා මෙවැනි මගපෙන්වීම් උපදේශකයා හෙවත් සිරාක් ග්‍රන්ථයෙහි ද වෙයි. “මාගේ පුත්‍රය තැනට ඔබින නුවණින් නපුරෙන් පරිස්සම් වන්නී” ඔබ ගැනම ලැජ්ජාවීමට ඉඩ නොතබන්න.” (උපදේශකයා හෙහවත් සිරාක් 4:20)

“වචනයෙන් අවිනීත නොවන්න. ඔබේ ක්‍රියාවලදී අලස නොවන්න. නොසැලකිලි නොවන්න. (උපදේශකයා හෙවත් සිරාක් 4:29)

“ඇහුම්කන් දෙන්න කඩිනම් වන්න. හිතාමතා උත්තර දෙන්න.” (උපදේශකයා හෙවත් සිරාක් 5:11)

“කිපෙන සුලු ස්වභාවය මිනිසකුගේ විනාශය වන්නේය. සතුරන්ගේ සිනාවට කරුනක් වන්නේය.” (උපදේශකයා හෙවත් සිරාක් 6:4)

“සෑම කෙනකුම ඔබේ ගෙදරට නොගෙනගන්න. කපටින්ගේ ප්‍රයෝග බොහෝ වන හෙයිනි.” (උපදේශකයා හෙවත් සිරාක් (11:29)

මෙවැනි දහසකුත් එකක් උපදේශ ශු. බයිබලය පරිහරණය කිරීමෙන් අපට සොයාගත හැක. අපේ පවුල් ජීවිතය අලංකාර කර ගැනීමට ශක්තිමත් කර ගැනීමට ශු. බයිබලය තරම් වටිනා ග්‍රන්ථයක් කතෝලික අපට තවත් නැත. දෙමාපියන් වශයෙනුත්, අඹු සැමියන් වශයෙනුත් අපේ ජීවිතවලට ශක්තියක් බලයත් සපයන ඔවදන් සොයා තව තවත් අපි ශු. බයිබලය වෙත නැඹුරු වෙමු.

සී. ආර්. ඩික්සන් ඇන්ටනි (රාගම විශේස)

ශු. බයිබලයෙන් අත්වැලක්

advertistmentadvertistment
advertistmentadvertistment