ශූරයෝ ආනන්ද විදුහලෙන් ශූරියෝ කාන්තා විදුහලෙන්

221

* SLT මොබිටෙල් කනිෂ්ඨ අතරමැදි ජාතික ඔරු පැදීම

SLT මොබිටෙල් අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක කරන ලද 37 වැනි කනිෂ්ඨ සහ අන්තර් මධ්‍යම ජාතික ඔරු පැදීමේ තරගාවලිය පසුගියදා රුවන්පුර දියවන්නා ඔය ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එ් අනුව එහිදී කනිෂ්ඨ පිරිමි ශූරතාව දිනා ගැනීමට ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත්වූ අතර එහි කාන්තා ශූරතාව කාන්තා විද්‍යාල කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් වූවාය.

ශ‍්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා පාසල් සහ ක‍්‍රීඩා සමාජ රැුසක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැුසක් තරග වැදුණු අතර කනිෂ්ඨ කාණ්ඩය සඳහා පාසල් සහ ක‍්‍රීඩා සමාජ 12 ක්ද, අතරමැදි කාණ්ඩය සඳහා ආයතන සහ ක‍්‍රීඩා සමාජ 7 ක් ද තරග වැදුණි.

තරගාවලියේ අතරමැදි කාණ්ඩයේ කාන්තා ශූරතාව ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම විසින්

දිනාගන්නා ලදි. රාජකීය විද්‍යාලය, Asian International School (AIS) සහ Gateway College යන පාසල්වල කණ්ඩායම් ද කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් විය. අතරමැදි පිරිමි කාණ්ඩයේ මුල් ස්ථාන තුනට හිමිකම් කීමට ගුවන් හමුදාව, නාවික හමුදාව සහ Colombo Rowing Club නියෝජනය කළ කණ්ඩායම් තුන සමත් විය.

ශ‍්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමයේ හිටපු සභාපති සහ SLT සමූහයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ශ‍්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමයේ වර්තමාන සභාපති දිමුත් ගුණවර්ධන මහතා ඇතුළුව එම සංගමය හා SLT-MOBITEL නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
 

advertistmentadvertistment
advertistmentadvertistment