සරසවි ඇදුරන් 519ක් සේවය හැර ගිහින් – හරිනි අසයි ඇමැති සුසිල් කියයි

58

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ කාරණා හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු පසුගිය 2021 වසරේ සිට මෙම වසරේ මේ දක්වා කාලය තුළ සේවය හැර ගොස් ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය.

ඊට අමතරව තවත් ආචාර්යවරුන් 663 දෙනකු එම කාලසීමාවේ දී සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව පැවසූ ඇමැතිවරයා තවත් පිරිසක් විශ්‍රාම ගොස් ඇතැයි ද ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ ජාතික ජනබලවේගයේ පත් කළ මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය – මම මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, මහා භාණ්ඩාගාරය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළා. විශ්‍රාම ගිය සහ සේවය හැරගිය හැර ගිය පිරිස වෙනුවට පිරිසක් බඳවා ගන්න කටයුතු කරගෙන යනවා. ඒ ටික ගත්තත් තව දාහක් විතර අඩුයි. අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා මේ සඳහා කටයුතු කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment