සිරිපා කරුණාකරද්දී දරු ප්‍රසූතියක්

205


ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඊයේ රාත්‍රී 08.00 ට පමණ බිළිඳියකු ප්‍රසූත කර ඇත.
නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ ඉදිකටුපාන ප්‍රදේශයේදී මෙම දරු ප්‍රසූතිය සිදු කර ඇති බවත් මව හා බිළිඳිය ඊයේ රාත්‍රියේම වහා නල්ලතන්නිය දක්වා රැගෙනවිත් ගිලන් රියකින් දික්ඔය මූලික රෝහල වෙත යැවීමට පියවර ගත් බවත් නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසීය.
බිළිඳියගේ මව වන උඩුවන ආරච්චිගේ නිරූෂා දිනුෂා අබේරත්න නැමැති 31 හැවිරිදි කාන්තාව හා බිළිඳිය නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment