සුදුමැස්සාට විසඳුමක්

158

දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae  නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ.

2019 සිට මෙරට පොල් වගාවටත් ඉන් අනතුරුව පලතුරු හා එළවළු  වගාවටත් සුදු මැස්සාගේ හානිය බරපතල ලෙස සිදුවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඒ අනුව සුදුමැස්සගේ හානිය පාලනය සඳහා ස්වභාවිකව වර්ධනය වන පරපෝෂිතයෙක් වන  Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් පර්යේෂණායතනයට හඳුන්වා දීම අද දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment