සොදුරු මාධ්‍යවේදීයෙකුගේ නික්ම යෑම

341

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම හා ජේෂ්ඨතම මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රවීණ කවියෙකුල ලේඛකයකු ගත් කතුවරයෙකු මෙන්ම පරිසරවේදියකුද වන දඹේගොඩ ජිනදාස මහතා අභාවප්ප්‍රාත්ත විය.
කලක් අසනීප තත්වයෙන් පසු වූ ඒ මහතා මිය යනවිට 71 වෙනි වියේ පසු වීය.
මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන රැසකම මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නියෝජනය කරමින් මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා වසර 50කට වැඩි කාලයක් මාධ්‍ය වෘත්තියට ඉටුකළ සේවාව අපරිමිතය.

ඒ මහතා විසින් මාධ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම කලා ක්ෂේත්‍රයට ඉටු කරන ලද සේවාවන් අගයා ලද ජනාධිපති සම්මාන හා රාජ්‍ය සම්මානද රැසකි.

ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද වැල්ලවාය ආනපල්ලමල 5 කනුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත.

advertistmentadvertistment
advertistmentadvertistment