හිටපු එංගලන්ත සෞඛ්‍ය ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය දුන් තනතුර අත්හරී

248

කොරෝනා වසංගතයෙන් විනාශ වූ අප‍්‍රිකානු ආර්ථිකය නැවත ගොඩනැ`ගීමට උපකාර කිරීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හිටපු එංගලන්ත සෞඛ්‍ය ඇමැති මැට් හැන්කොක් හට ලබා දී තිබූ තනතුර භාර නොගැනීමට ඔහු තීරණය කර තිබේ.

තමා වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දී තිබූ තනතුර භාර නොගැනීමට මුල් වූ හේතුව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හිටපු එංගලන්ත සෞඛ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් සිටියදී එම තනතුර භාරගැනීම වළක්වන නීතියක් පැමිණීම නිසා මෙම පියවර ගත් බවයි. හිටපු සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් හට එම තනතුර පිරිනැමීම සම්බන්ධයෙන් එංගලන්තයේ විරුද්ධ පක්ෂ හා අප‍්‍රිකානු මහාද්වීපයේ සිටින ප‍්‍රධාන පෙළේ නායකයන් දැඩි සේ විරෝධය පළ කර තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැට් හැන්කොක් වෙත ලබා දී ඇති වැටුප් රහිත ගෞරවණීය තනතුරට අදාළ ලිපිය සිය ට්විටර් ගිණුම් හරහා ඉදිරිපත් කළ ඉකුත් අඟහරුවාදා (12 දා) දිනයේම එංගලන්ත රජයේ මන්ත‍්‍රීවරුන් විසින් එරට කොරෝනා වසංගතය පාලනය කිරීමේදී කටයුතු කළ ආකාරය දැඩි ලෙස විවේචනය කරමින් වාර්තාවක්ද නිකුත්ව තිබූ අතර එයට සමාජ මාධ්‍ය ජාලා මගින් දැඩි ප‍්‍රසිද්ධියක් ලබා දී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment