55ට බිත්තර දෙන්න සංගම් එකඟ වෙයි – කඩාකප්පල්කාරීන්ගෙන් ආරක්‍ෂා වීමට පොලිසියේ සහාය

84

මෙම මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55කට පාරිභෝගිකයන්ට ලබා දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඊයේ (26දා) පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර ඇත.

මේ වනවිට වෙළෙඳ පොළේ බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් යටතේ පාරිභෝගිකයන්ට බිත්තර ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළු මස් නිෂ්පාදකයන් කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීමට කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

එහිදී අදහස් දැක්වූ එම කර්මාන්තකරුවෝ තමන් තවමත් බිත්තර සපයන්නේ රුපියල් 49ට හා 55ට බවත්, එක්තරා අතරමැදි පිරිසක් බිත්තර ගබඩා කර තබා ගනිමින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්හ. මිල අඩු කිරීම සඳහා කොළඹට දිනපතා බිත්තර ලොරි 20 බැගින් එවීමට කටයුතු කරන බවත් ඒවා ජනාකීර්ණ ප්‍රදේශවලදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමටත්, වෙනත් නාගරික ප්‍රදේශවලට ද එම කටයුතු ව්‍යාප්ත කිරීමටත් එකඟත්වය පළ කළහ.

මීට අමතරව සියලුම ආර්ථික මධ්‍යස්ථාන හා සතොස පරිශ්‍ර ආශ්‍රිතව බිත්තර අලෙවි කිරීමේ පහසුකම් ලබා දීමටත්, යම් පිරිසක් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වුවහොත් බිත්තර අලෙවිකරුවන් ආරක්ෂා කිරීමට පොලිසියේ සහාය ලබා දීමටත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී එකඟත්වය පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment