අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ හැපි බර්ත්ඩේ සිනමා පටය එල්. ඊ. ඩී. සහ සී. ඊ. එල්. මණ්ඩල සිනමා ශාලවල ප‍්‍රදර්ශනය වීම 24 දා සිට ඇරඹිණ. එම් එන්ටර්ටේට්මන්ට් නිෂ්පාදනයක් වන හැපි බර්ත්ඩේ ස්ටේයින් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන අතර තරුණ දියණියන් දෙදෙනෙක් සමග සැමියා අහිමි මවක වටා සිනමාපටයේ කතාව ගෙතී ඇත.
චිත‍්‍රපටයේ කතාව ඇරඹෙන්නේ නීටා සපරමාදු නම් එම මව නතාලි සහ සෙනුකි නමැති දියණියන් සමග වැඩිමල් දියණියගේ උපන්දින සැමරුම සඳහා තම පියාගේ වතු බංගලාවට පැමිණීමත් සමගය. ඒ වන විට දියණියන්ගේ පියා වන සපරමාදු මිය ගොස් මසක් වත් ගත වී නැත. උපන්දින සාදය ඉතා චාම්ව සැමරීමට ඔවුන් සීයාගේ වතු බංගලාව තෝරා ගන්නේ දියණියගේ 18 වන උපන්දිනයේදී ඇයට පියා විසින් සපරමාදු මිය යන්නට පෙර පවරා තිබූ වත්කම් දේපල ලබා ගැනීමේ අරමුණ ද ඇතිවය. එහෙත් වතු බංගලාවට ඇතුල් වෙන විටම යම් අස්වාභාවික දෙයක් ඔවුන්ට එහිදී දැනෙන අතරම එහි සිටි මැණිකා නම් සේවිකාව අතුරුදන්ව ඇති අයුරුද දැනගන්නේය. එතැන් පටන් සිදුවන අස්වාභාවික සිදුවීම් සිනමාපටයට කුතුහලය එක්කරමින් ඉදිරියට ගලා යන්නේය.
දිල්හානි ඒකනායක, යෙහාලී ටාෂියා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සූර්යා දයාරුවන්, රන්දික ගුණතිලක, සුරංග රණවක, බන්දුල සූර්ය බණ්ඩාර, යොහානි හංසිකා ප‍්‍රධාන චරිත නිරූපණය කරන හැපි බර්ත්ඩේ චින්තක ජයකොඩි සංගීතවත් කර තිබෙන අතර මෙම සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා චන්න දේශප‍්‍රියයි.
තිස්ස