අදානි ව්‍යාපාරයේ අර්බුදයෙන් විදෙස් ව්‍යාපෘතිවලටත් බලපෑම්

159

අදානි සමූහ ව්‍යාපාරය අර්බුදයට ලක්වීම නිසා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය මෙන්ම මියැන්මාරයේ ද සිදුකිරීමට නියමිත ව්‍යාපෘතිවලට බලපෑමක් එල්ලවන බවට හින්දු පුවත්පත කියයි.

බංග්ලාදේශයට විදුලිය සැපයීම වෙනුවෙන් අදානි සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් තවත් මාස හතකට කල්දමා ඇති බව ද එම පුවත්පත කියයි.

ගෞතම් අදානි පසුගිය වසරේදී බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු කලාපයේ නායකයන් ද හමුවී තිබුණි.

ඇමරිකානු ආයතනයක් විසින් අදානි සමාගම කොටස් වංචා කළ බවට වාර්තාවක් එළිදැක්වීම නිසා එහි කොටස් අගය ඩොලර් බිලියන සියයකින් අඩුවිය.

එනිසාම ලොව තුන්වැනි ධනවතාව සිටි අම්බානි ලෝකයේ 16 වැනි ධනවතා ලෙස පහළට විසිවිය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment