අධික වැස්සත් සමග  කාසල්රී ජලාශය  වාන් දමයි

106

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය 24 දින අලුරෑයම සිට වාන් දැමීමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.

කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග එම ජලාශයෙන් ජලය ලබාගෙන ජල විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසීය.

මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේද 24 දින උදෑසන සිට වාන් දොරටු තුනක් අඟල් තුන බැගින් විවෘත කර ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ලැබෙමින් පවතී.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment