අරගලයට දින 100 යි

98

කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලකරුවන් අඛණ්ඩවම පවත්වාගෙන යන අරගලය අදට (17 වැනිදා) දින සියයක් පිරෙයි.

එම ජනාධිපති ලේකම් කාර්යාලය ද අරගලකරුවන්ගේ ග්‍රහණයේ තවමත් පවතින අතර, ඊයේ (15 වැනිදා) දිනයේ එහි පවත්වාගෙන යන ‘ගෝඨාගෝම ගම’ පුස්තකාලය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වන තුරු කොටුව ගාලු මුවදොර අරගලය පවත්වාගෙන යන බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය ද ග්‍රහණයේ පවතින බවත් අරගලකරුවෝ පැවසූහ.

මේ අතර අරගලකරුවන්ගේ ග්‍රහණයේ පැවැති අරලියගහ මන්දිර ආරක්ෂක අංශවලට භාරදීමෙන් පසු අරලියගහ මන්දිරය ඉදිරිපිට කූඩාරම් ගසා ‘නෝ ඩීල් ගම’ ස්ථාපිත කළහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment