ආණ්ඩුවේ අලුත් අවුරුද්ද සහ බිස්නස් අලුත් අවුරුද්ද

457

ලෝකවාසී ජනයා අලුත් අවුරුද්ද නමැති සංකල්පය උත්සවයක් ලෙස පැවැත්වීමට පටන් ගත්තේ මෙයට අවුරුදු 4000කට පමණ පෙර සිට ය. මේ කියන කාලයේදී ජූලියං කැලැන්ඩරය නොතිබුණු අතර ජනවාරි පළමු වැනිදාවක් ද නොවීය. ඒ අනුව ලෝකයේ සිටි විවිධ ගෝත්‍ර අවුරුද්දේ විවිධ දවස් අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා යොදා ගත්හ. මේ කියන කාලයේදී අවුරුද්දකට දවස් 365 ක් ඇති බවත්, පෘථිවිය සූර්යයා වටා එක රවුමක් භ්‍රමණය වීම පිණිස දවස් 365 ක් ගතවන බව කෙසේ හෝ දැන සිටියහ. ඇතැම් මූලාශ්‍රවල සඳහන් වන අන්දමට මීට අවුරුදු 4000 කට පෙර සිටි ජනයාට අවුරුද්දට දවස් 365 ක් ඇති බවට තොරතුරු දෙන ලද්දේ පිටසක්වලින් පැමිණි ජන කොටසක් විසිනි. මේ පිටසක්වල ජනයා ලතින් ඇමරිකාවේ ඉන්කා සහ ඇස්ටෙක් ජනයා විසූ ප්‍රදේශවලට පැමිණි බවත් විවිධ තාක්‍ෂණික ක්‍රම සහ සිතීමේ ක්‍රම ගැන දැනුම සපයන ලද බවත් දැන ගැනීමට තිබේ. එකල විසූ ජනයා ලෝකය ගෝලාකාර බව දැන සිටියේය. එහෙත් ඊට වසර 2000 කට පසු මෙලොව පහළ වූ ඇතැම් ශිෂ්ටාචාර කල්පනා කළේ පෘථිවිය හතරැස් තැටියකට සමාන බව ය. සියලු සාගර එම තැටියේ හතරකොණින් වැක්කෙරෙන බව ඔවුහු විශ්වාස කළහ. පසු කාලයේදී හතරැස් සංකල්පය ගිලිහී ගොස් ගෝලාකාර සංකල්පය මතුවිය. එහෙත් අවිiාව සම්පූර්ණයෙන් ම තුරන් වූයේ නැත. පෘථිවිය සූර්යයා වටා නොව, සූර්යයා පෘථිවිය වටා භ්‍රමණය වන බව එකල තිබූ කතෝලික පල්ලිය යෝජනා කළේය. එහෙත් ගැලීලියෝ ඇතුළු ඇතැම් විiාඥයෝ මෙයට විරුද්ධ වී සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වන බව කීවාහ. මේ මතවාදයේ ප්‍රධානියා ගැලීලියෝ බැවින් ඔහු අල්ලා ගෙන විත් නඩු ඇසූ පල්ලිය ඔහුගේ මතය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, නැතහොත් අවිiාව පැතිරවීමේ චෝදනාව මත පණපිටින් පුළුස්සා දමන බවත් කීවේය. මෙහිදී කොහෙවත් තිබෙන සෞරග්‍රහ මණ්ඩලයක් නිසා පණ පිටින් පිළිස්සී මිය යනවාද, නො එසේ නම් කතෝලික පල්ලිය හා එකඟ වී ජීවිතය බේරාගෙන තව කලක් ජීවත් වනවාද යන අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීමට ගැලීලියෝට සිදුවිය. ඔහු තෝරා ගත්තේ පල්ලියේ මතයයි. ඔහු එය තෝරාගෙන තිබුණේ බොරුවක් බව දැන දැනත් ස්වකීය ජීවිතය බේරාගැනීම පිණිස ය. නවීන සංකල්ප පතුරුවා හැරීමේ වරද මත රජයේ නියෝගයෙන් වස බී මිය යෑමට සොක්‍රටීස්ට සිදුවිය. සොක්‍රටීස් යනු ආගම්වලට විරුද්ධ, දේව විශ්වාසයට අභියෝග කළ අමුතුම භාණ්ඩයකි. ඕනෑ නම් තම මතවාදය ඉල්ලා අස්කරගෙන වස පානය කොට මියයෑමේ දණ්ඩනයෙන් නිදහස් වීමේ හැකියාව සොක්‍රටීස්ට තිබිණි. එහෙත් ඔහු තමා ඉදිරිපත් කළ සත්‍යය වෙනුවෙන් පෙනී සිටිමින් වස බිව්වේ ය.

ජනවාරි 01 වැනිදාව යුරෝපයේ අලුත් අවුරුද්ද හැටියට තෝරා ගන්නේ ජුලියස් සීසර්ගේ මූලිකත්වයෙනි. මෙම තීන්දුව ගැනීම සඳහා රෝමයේ විසූ ගණිතඥයන්, තාරකා විiාඥයන් සහ ජ්‍යොතීර්වේදීන් සමඟ බොහෝ සාකච්ඡා පැවැත්වීමට සීසර්ට සිදුවිය. අන්තිමේදී අවුරුද්දේ දින 365 අවසන් වී එළඹෙන ජනවාරි 01 වැනිදාව අලුත් අවුරුද්දේ මුල් දවස ලෙස පිළිගැනීමට තීන්දු කරන ලදි. මේ තීන්දුවෙන් අවුරුදු 03 කට පමණ පසු ජුලියස් සීසර්ගේම ගෝලයන් විසින් පිහියෙන් ඇන ඔහු මරණ ලදි. එතෙක් ජනරජයක්ව තිබූ රෝමය අධිරාජ්‍යයක් බවට පත් වූ අතර, ස්වකීය කලාපය පුරාම බලය පතුරුවන්නට පටන් ගත්තේය. ඒ අනුව මුළු මහත් යුරෝපයේම අලුත් අවුරුදු දවස ලෙස ජනවාරි 01 වැනිදා තෝරා ගැනීමට යුරෝපයේ ජනතාවට සිදුවිය. ඉන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියාව, ලංකාව ඇතුළු ආසියානු රටවල් ආක්‍රමණය කළ බැවින් ඒ රටවල අලුත් අවුරුදු උත්සව දිනය ලෙස ජනවාරි 01 වැනිදාව තෝරා ගැනීමට සිදුවිය. ඒ වන විටත් ආසියාවේ හැම රටකටම පාහේ ජනවාරි 01 වැනිදා නොවන අලුත් අවුරුදු දවස් තිබිණි. මේ දවස් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තුවක්කු කටවල් විසින් විනාශ කරන ලදි. එතැන් සිට ලංකාවේ අලුත් අවුරුදු සැමරුම අප්‍රේල් 14 වැනිදා නොව ජනවාරි 01 වැනිදා විය.

දැන් ඉතින් කවර ආකාරයෙන් හෝ ලංකාවේ අලුත් අවුරුදු දවස ජනවාරි 01 වැනිදා වී හමාරය. එය බලෙන් දුන්නත් ප්‍රතික්‍ෂේප කිරීමට නොහැක. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ලංකාවෙන් පිටව යන්නේ තනිකරම මාස 12 කැලැන්ඩරය මේ රටේ නිල කැලැන්ඩරය බවට පත් කිරීමෙන් පසුවය. එබැවින් ජනවාරි 01 වැනිදා දවස ප්‍රාර්ථනා පිරිවරා ගත් දවසක් බවට පත්කර ගැනීමට අපට සිදුව තිබේ. හැබැයි ඒ අතර සිංහල අලුත් අවුරුද්දට තැනක් තිබේ. එයට හේතුව කිසියම් ආකාරයක බිස්නස් ස්වරූපයක් සිංහල අවුරුද්දේ තිබීම ය. කැවිලි සෑදීමේ සිට අලුත් ඇඳුම් ගැනීම දක්වා සියලුම දේ ව්‍යාපාරික චක්‍රයක් බවට පත්ව තිබේ. වැඩිහිටියන්ට බුලත් දීම සිංහල අවුරුද්දේ අත්‍යවශ්‍ය අංගයකි. මිනිසුන්ට කඩවලින් බුලත් ගැනීමට සිදුව ඇත. සිංහල අවුරුද්ද පවතින්නේ මේ බිස්නස් ආකෘතිය නිසා ය. ජනවාරි 01 පවතින්නේ ආණ්ඩුවේ ආකෘතිය නිසා ය.

advertistmentadvertistment
advertistmentadvertistment