ඉසිපතනයේ ජයග්‍රාහී රැල්ලට – රාජකීය ප්‍රහාරයක්

376

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ඩයලොග් ලීග් ශූරතා රග්බී තරගාවලියේ මූලික වටය තුළ අපරාජිත වාර්තාව රැක ගෙන සිටි කොළඹ ඉසිපතන විදුහලට පෙරේදා (12 වැනිදා) දිනයේ දී පළමු පරාජය අත් විය.

කොළඹ රාජකීය විදුහල කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 22 – 17 ක් ලෙස ජය ජයගැනීමත් සමග ඉසිපතන විදුහලේ එම අපරාජිත වාර්තාව බිඳ වැටිණි.

එම තරගය සුපිරි වටය තුළ දෙවැනි තරගය ලෙස පැවැත්විණි.

සුපිරි වටය ආරම්භ කරමින් සිකුරාදා (11) පැවැති පළමු සටන ජය ගැනීමට අපරාජිත බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 39 – 00 කින් පරාජය කරමින් ශාන්ත පීතර විදුහල එම ජයග්‍රහණයට හිමිකම් කීය.

ඒ අනුව මෙතෙක් අපරාජිතව සිටින ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල් අතර මෙවර ශූරතාව දිනා ගැනීම සඳහා තියුණු තරගයක් එළඹෙන සති අන්තයේ නිර්මාණය වී තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

ඡායාරූප-කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment