ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල චිත්‍ර ශිල්පියා

145

ඔස්ට්‍රේලියාවේ වෙසෙන මහේෂ් අලු‍ත්ගේ චිත්‍ර ශිල්පියෙකි. මුල් කාලයේ ඔහු ප්‍රධාන වශයෙන් අඟු‍රු, පැන්සල්, බෝල්පොයින්ට් පෑන් සහ පැස්ටල් භාවිතයෙන් චිත්‍ර නිර්මාණයේ යෙදුණේය. අඟු‍රු, පැන්සල් සහ පෑන් භාවිතා කරන අධි යථාර්ථවාදය ඔහුගේ මුල් කලා කෘති බොහොමයක දක්නට ලැබිණි. මෙම චිත්‍ර නිර්මාණ ඔහුගේ ප්‍රාථමික හා ද්විතීයික පාසලේ ඉතා ජනප්‍රිය වූ අතර ඔහුගේ වෘත්තීය ජීවිතයට විශාල වාසියක් ලබා දුන්නේය. මහේෂ් බි්‍රස්බේන්හි නැගී එන දෘශ්‍ය කලාකරුවන්ගෙන් කෙනෙකු බවට පත්ව ඇත. ඔහුගේ ප්‍රියතම විෂයයන් වන්නේ ආලේඛ්‍ය චිත්‍ර, භූමි අලංකරණය සහ ජලයයි,

ඇත්තටම චිත්‍ර ශිල්පියෙක් වීමට සහජයෙන් දක්ෂතාවක් තිබිය යුතුද යන්න ගැන මහේෂ් මෙසේ කියයි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල චිත්‍ර ශිල්පියා

මට තේරෙන විදිහට මේකට කෙටි උත්තරය නෑ කියල දෙන්න පුළුවන්, පසුවදනක් විදිහට එකතු කරන්න පුළුවන් සහජයෙන් එන දක්ෂතාවක් තියේ නං ඒ මත ලොකු ආයාසයක් නැතුව සියුම් දේවල් කරන මට්ටමට යන්න පුළුවන්. වෙන විදිහකින් ගත්තම හොඳ ”‍ඇහැක්”‍ තියෙන එක විශේෂ වාසියක් වෙනවා, එහෙම පුරුදු කරගන්නත් පුළුවන්, කාලයක් යන්නත් පුළුවන්.

ඔස්ට්‍රේලියාව වගේ රටක වෘත්තියමය චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්ද?. අවස්ථාව කොහොමද?

ඇත්තටම වෘත්තීමය චිත්‍ර ශිල්පියෙක්වීම අවදානම් වැඩක්. වෘත්තියමය නිපුණතාවයක සීමාවන් තිබෙනවා. චිත්‍ර ශිල්පියෙක්ට එහෙම කිසිම දෙයක් නෑ, සියල්ල අත හැරල වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් වෙන එක නුවනට හුරු නෑ, හැබැයි කරන්න පුළුවන් කෙනාට කාලයක් යනකොට අදහසක් එනවා, තාක්ෂණය සමඟ වෙනස් දේවල් ඇවිත් තිබ්බත් සම්ප්‍රදායික ශිල්පියෙක්ට ඇති අභියෝග ඉතාම අධිකයි කියල කියන්ඩ පුළුවන්.

advertistmentadvertistment
advertistmentadvertistment