කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

207

පැවැත්වීමට නියමිත 2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය සඳහා ශ්‍රී ලංකා විනිසුරුවරියන් දෙදෙනකු සහ තරග විනිසුරුවරියක් සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා තෙවැනි මට්ටමේ විනිසුරුවරින් දෙදෙනකු වන දේදුණු සිල්වා සහ නිමාලි පෙරේරා මෙන්ම තරග විනිසුරිවරිය ලෙස වෙනෙසා ද සිල්වා සහභාගි වීමට නියමිතව තිබේ.

 2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන මස 01 වැනිදා සිට 16 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවත්වීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment