කොරෝනාවෙන් වැටුනු ආර්ථිකය ගොඩගන්න ඉස්සන්ගේ පිහිට

201


උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යංශයේ හා මන්නාරම ජලජ ජීවී දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ මන්නාරමේ පෙරියමඩු වැවට වැව් ඉස්සන් පැටව් ලක්ෂ හතරක් මුදා හැර ඇත.
පෙරියමඩු ධීවර සංගමයේ ඉල්ලීමකට අනුව මෙම වැව් ඉස්සන් වැවට මුදා හැර ඇත්තේ කොරෝනා වසංගතය නිසා එදිනෙදා ජීවනෝපාය ගෙන ගිය මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලී සිටින ධීවරයින්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙනි.
මාස හතරකදී වර්ධනය වන වැව් ඉස්සන් තුන් දෙනෙකුගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් එකක් වන අතර එම ඉස්සන් වැවටම පැමිණෙන ව්‍යාපාරිකයින්ට කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1300 ත් 1500 ත් අතර මිලකට අලෙවි කිරීමට හැකි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment