කෝලිගේ වාර්තාගත ශතකයෙන් නවසීලන්තයට ප්‍රබල අභියෝගයක්

125

ජගත් එක් දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතකලාභියා වීමේ වාර්තාව සියතට ගනිමින් තම 50 වැනි අර්ධ ශතකය වාර්තා කළ විරාත් කෝලි නවසීලන්තයට එරෙහිව ඊයේ (15 වැනිදා ) පැවති ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 397 ක් දක්වා ඉහළට ගෙන ඒමට සමත් වූයේය. ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 397 ක් රැස් කිරීමෙන් අනතුරුව අවසන් මහා තරගයට යෑමට නම් නවසීලන්තය ඉදිරියේ ලකුණු 398 ක ඉලක්කයක් ලියැවිණි.

එක්දින ක්‍රිකට් පිටියේ ශතක 49 ක් ලබා ගෙන සචින් ටෙන්ඩුල්කාර් තබා තිබූ ලෝක වාර්තාව ඊයේ කෝලි ඉදිරියේ බිඳ වැටුණු අතර ශ්‍රීයස් අයියර් ද ශතකයක් ලබාගෙන ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය.

කෝලි ලකුණු 117 ක් සහ අයියර් ලකුණු 105 ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment