ගෑස් ගැන කථා කරන්න හදිසි උපදේශක කාරක සභාවක්

96


සභානායකඅධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව වෙෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ හදිසි උපදේශක කාරක සභාවක් හෙට පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් කිරීමට කථානායකවරයා අද අනුමැතිය ලබා දුන්නේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම අනුමැතිය ලබා දෙමින් කියා සිටියේ උපදේශක කාරක සභාවට අදාළ වන සියලු ම පාර්ශවයන් කැඳවීම විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කරනු ඇති බවය.

ගෑස් සිලින්ඩර භාවිතයේදී පුපුරා යෑම පිළිබඳ ප්‍රචාරය වී ඇති වාර්තා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා වෙළඳ අමාත්‍යංශයේ හදිසි පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේය. එහිදී සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ තේරීම් කාරක සභාවක් පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වන නිසා පළමු පියවර ලෙස වහාම හෙට පෙරවරුවේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවක් කැඳවන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment