ඡන්දයක් අවශ්‍යයි කියද්දී මගේ මොළේ පරීක්ෂා කරන්න කියූ රතු සහෝදරයන්ගේ නායකයාත් අද ඡන්දයක් ඉල්ලනවා

320

සජබ කුරුණෑගල මංගල රැළියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

එදා තමන් රටට ඡන්දයක් අවශ්‍යයි කියද්දී සජිත්ගේ මොලේ පරීක්ෂා කරන්නයි කියූ රතු සහෝදරයන්ගේ නායකයා අද ඡන්දයක් ඕන කියලා කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක මේ බව පැවසුවේ පෙරේදා (29දා) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී නිරුත්තර රටක උත්තරය මැයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති සමගි ජනබලවේගයේ මංගල ජන රැළිය අමතමිනි. එහිදී ඒමහතා මෙසේද කීය.

බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා සමගි ජන බලවේගයේ මංගල රැළිය පවත්වන්නේ කුරුණෑගල නගරය තෝරා ගත්තේ ඇයි කියලා? මම මතක් කරන්න කැමතියි මේ රටේ උදාගම් ව්‍යාපාරය නිවාස ලක්ෂය දසලක්ෂය පහළොස්ලක්ෂය ජගත් නිවාස වැඩසටහන වැනි හැම දෙයක්ම එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයා ආරම්භ කළේ මේ ඓතිහාසික කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ ඒ නිවාස වැඩසටහන අතිසාර්ථකව එතුමා ක්‍රියාත්මක කළා. ඒ නිසා මම විශ්වාස කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්ති රජකරවන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේග ගමන අපේ මේ ගමන පොදු ජනතාවගේ ගමන පොඩි මිනිහාගේ ගමන ලංකාවාදී ලක්ෂ 220ම දිනවන ගමනක් ලෙස අවසන්ව මුළු රටම දිනවනවා කියාලා කියන්න කැමැතියි.

ජනතාවට කියන්න කැමතියි ලෝක ආර්ථිකය අවපාතයට යද්දී ප්‍රෑන්ක්ලීන් ඩෙලානෝ රූස්වෙල්ට් ජනාධිපතිවරයා නිව් ඩීල් වැඩසටහන යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට නව වැඩපිළිවෙළක් නව බලාපොරොත්තුවක් ක්‍රියාත්මක කළා. අපිත් මිත්‍රවරුනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කර ගත් මේ රටේ සියලු‍ම ජනයාට භුක්ති විදිය හැකි ආර්ථීක වර්ධනයක් ආර්ථික සෞභාග්‍යයක් බිහි කිරීමේ ප්‍රධාන වෙඩිමුරය පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ක්‍රියාත්මක කරනවා කියලා කියන්න කැමතියි.

ඇත්ත වශයෙන්ම රට ගොඩගන්නට නම් අපි අලු‍ත් මාවතට ප්‍රවේශ විය යුතු යි. අලු‍ත් ගමනක් අලු‍ත් දර්ශනයක් පිළිපැදිය යුතුයි. අලු‍ත් කණ්ඩයමක් ශක්තිමත් නායකත්වයක් ඕන. කතා කරනවා වගේම වැඩ කරනවා වගේම පසු විපරමක් සිදු කරන්නත් ඕන. ඒ වගේම වැරදි හදාගන්නත් ඕන.මේක්‍රමවේදය තුළ අපිට හොඳ ගමනක් යන්න හැකියි. ආරම්භයේදීම කියන්න කැමතියි අපි අලු‍ත් සංස්කෘතියක් පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරන්න කැමැතියි. අපි හැම පළාත් පාලන මන්ත්‍රිවරයෙකුටම මන්ත්‍රිවරියෙකුටම චර්යාධර්ම පද්ධතියක් සකස් කරනවා. නීතිරීති මාලාවක්, ආචාර ධර්ම පද්ධතියක් රෙගුලාසි මාලාවක් ඇති කරනවා.

මේ අපේ මංගල අවස්ථාව. මේ පළමුවැනි වතාවට අවුරුදු 3ක් වයසැති අලු‍ත් පක්ෂය අලු‍ත් ගමන අලු‍ත් නායකත්වය, අලු‍ත් දර්ශනය හා වැඩපිළිවෙළ ජනතාවට ඉදිපරිත් කරනවා. ඒ නිසා මම හිතනවා කවුරුත් අමනාප නොවේ කියලා. අපි බිහි කරන සභා නොනිදන සභා බවට පත් කරනවා. ප්‍රාදේශීය සභා නගර සභා ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කරලා සභා රැස්වීම නොපවතින දිනවල සභාපති උපසභාපති මන්ත්‍රීවරු ගමේ නගරයේ කුඩා ගම්මානයේ ග්‍රාම සේවා වසමේ ජංගම සේවා හරහා ජනතා ප්‍රශ්න විසඳීමෙන්.

සෑම පළාත් පාලන ආයතනයක්ම තරුණ සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. සෑම පළාත් පලාන ආයතනයකම තොරතුරු තාක්ෂණ දැනුම පරිගණ දැනුම නව තාක්ෂණය ලබා දෙන ඒකකයක් ක්‍රියාත්මක කරලා ගමේ ප්‍රාදේශීය සභාව නගර සභාව මේ රටේ තාරුණ්‍යයේ සංවර්ධන සභාව බවට පත් කරනවා. සෑම ප්‍රාදේශීය සභා නගර සභා බල ප්‍රදේශයකම තරුණ තරුණියන්ගෙන් සමන්විත උපදේශක සභා බිහි කර සභාපතිට උපසභාපතිට මන්ත්‍රීවරුන්ට අවැසි ආකාරයට තමතමන්ගේ තනි කැමැත්තට වැඩ කරපු යුගය අවසන් කරලා සෑම සභාවකම වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට අරගලයේ ඉල්ලීමක් වන මේ රටේ තාරුණ්‍ය උපයෝගී කර ගෙන සෑම පළාත් පාලන ආයතනයකම තරුණ උපදේශක සභාවක් ඇති කරලා ඒ තුළින් සභාවේ වැඩ කටයුතු නිරීක්ෂණය කරන්නට අධීක්ෂණය සහ පරීක්ෂා කරන්න අවැසි බලය මේ රටේ තාරුණ්‍යයට ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ කියනවා.

උනුත් එකයි මුනුත් එකයි කියන කොට ඒ අයගෙන් මේක අහන්න. වසර 2004. ජනාධිපතිතුමිය චන්චද්‍රිකා බණ්ඩාරනායක. මාසය අප්‍රේල්. දිනය 28. උදේ 9.30ට සුබ හෝරාවෙන් සුබ දිසාවෙන් පක්ෂිය රජ කරලා කවුද මිත්‍රවරුනි කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග ඇමැති වුණේ. කවුද ඒ. ඒ අනුර කුමාර දිසානායක. ඕන්න එයාලගේ අලු‍ත්කම. සංස්කෘතික ඇමැති කවුද? විජිත හේරත්. ග්‍රාමීය ආර්ථික ඇමැති කවුද? ලාල්කාන්ත. ධීවර ඇමැති චන්ද්‍රසේන විජේසිංහ. දැන් හරියට කියනවා නම් කඩමන්ඩිවල කියන්න ඕන උනුත් එකයි මුනුත් එකයි ඒක කියන අපිත් එකයි කියලයි කියන්න ඕන. ඇමැතිකම්වලින් නතර වුණේ නැහැ. ඊට අමතරව නියෝජ්‍ය ඇමැතිවරුත් පත් කළා. එහෙම කියලා මේ අය කියනවා ඒගොල්ලා අලු‍ත්ලු‍. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි ඒ අය රට කාපු රට විනාස කරපු රට ගිනිබත් කරපු මිනීමරුපු මංකොල්ලකාරයෝ. ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි සමගි ජන බලවේගයේ අපි බොහොම ආඩම්බරයි. අපි කවදාවත් රාජපක්ෂලාට කත් ඇද්දේ නැහැ. කැන්නසින් ගියේ නැහැ. අපි සුපිරිසිදුයි. රට කෑවේ රාජපක්ෂලා කියලා පිළිගන්නවා නේද? එහෙනම් රට කෑව රාජපක්ෂලා වෙනුවෙන් 2005දී ගෙන් ගෙන ගියේ කවුද මිත්‍රවරුනි. කවුද පෝස්ටර් ගැහුවේ පෙළපාලි ගියේ. එදා කිව්වා රාජපක්ෂලා තරම් උතුම් පාලන තන්ත්‍රයක් මේ රටේ බිහි වෙන්නේ නැහැ කිව්වා. රට කෑව රට විනාශ කළ රට බංකොලොත් කළ රාජපක්ෂලාට පළමු ගැම්ම දුන්නේ ඔය රතු මල්ලිලා 2005 දී. ඒක අමතක කරන්න එපා මිත්‍රවරුනි.

මිත්‍රවරුනි සමගි ජන බලවේගයට අවුරුදු 3යි. අපි බිහි වුණේ 2020 පෙබරවාරියේ. අපි විපක්ෂයේ දේශපාලනය කරනවා. රජය බලයක් කරන කොට රජය විවේචනය වගේම හොඳ දේට හොඳයි කියනවා. මේ රටේ පය ගහලා ජීවත් වෙන ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් සේවයක් කරනවා. කන්නන්ගර ශ්‍රීමතානන්ගේ නිදහස් අධ්‍යාපන සංකල්ලය ශක්තිමත් කිරීම උදෙසා රජයේ පාසල් 70කට ලක්ෂ 3442ක් වටිනා බස් රථ දුන්නා. මිලියන 344.2ක් මිත්‍රවරුනි. නිකවැරටියට ගල්ගමුවට ගිරිබාවට මහවට පොල්පිතිගමට දුන්නා. 09 වැනිදා දිනුවට පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැම ආසනයකම පාසල්වලට බස් රථ දෙනවා.

මම පහුගිය දවසක තඹුත්තේගම ජාතික පාසලට බස් රථයක් දුන්නා. බස් රථය ලබා දෙන්නට දින කිහිපයකට පෙර මට දැන ගන්නට ලැබුණා තඹුත්තේගම ජාතික පාසලේ ආදි ශිෂ්‍යයන් බව අනුර කුමාර සහ වසන්ත සමරසිංහ. ඒක වරදක් නෙමෙයි. ඒ අය ආදි සිසුන්.

මේ රටේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ දුන්නා. කෝවිඩ් සමයේ කුරුණෑගල ජාතික රෝහලේ උපකරණ හිඟයක් තිබෙන කොට දශලක්ෂ ගණනින් උපකරණ පරිත්‍යාග කළේ සමගි ජන බලවේගයේ හුස්ම වැඩසටහනින්. සක්වල හුස්ම වැඩසටහන් කරන්නේ රටේ ජනාධිපති අගමැති ඇමැති වෙලා නෙවෙයි. විපක්ෂ නායකයා හැටියටයි. මමයි මගේ සහෝදර විපක්ෂ මන්ත්‍රීවරුයි සංවිධායකවරුන් ඔබලාගේ හයියෙන් තමයි ඒවා කරන්නේ. ඒ නිසා මිත්‍රවරුනි ප්‍රේමදාසලාට වැඩක් කරන්න මුදල් හොයන හැටි කියා දෙන්න එපා. ඒ නිසා ලබන 09 බිම්මටමේ පළාත් පාලන බලය ලබා දෙන කොට ළඟදි එන මහමැතිවරණයේ රාජ්‍ය බලය ලබා ගෙන ජනතා ආශිර්වාදයෙන් ජනාධිපති වෙන කොට බයවෙන්න එපා මේ රටේ සියලු‍ම දෙනා ඒකරාශී කර ලෝකයේ ධනවත්ම රටවල් එක්ක හරිහරියට ඉඳගෙන හරි හරියට කතා කරලා අපේ රටට අවැසි ශක්තිය ලබා ගන්නවා.

අපි මේ රටේ අයිතිකාරයේ නෙවෙයි. අපි ජනතාව පත් කරන තාවකාලික බාරකරුවන්. තාවකාලික බාරකරුවන් ලෙස අපි පොරොන්දු වෙනවා මේ රටට අලු‍ත් යුගයක් අපි නිර්මාණය කරමු. දසදහස් ගණනින් බුද්ධි ගලනය වෙනවා. මෙවන් මොහොතක ඔබලාට කියන්න කැමතියි මේ රට ගොඩ ගැනීමේ හැරවුම් ලක්ෂය පළාත් පාලන ආයතන මැතිවරණයයි. අද නම් රතු මල්ලිලා මැතිවරණය තියන්න කිව්වට මට මතකයි අපිත් පළමු වෙඩි මුරය පත්තු කලා ගෝඨාභය රාජපක්ෂ එලවන්න. සමගි ජන බලවේගය තමයි මුල්ම වතාවට පාගමනින් ගිහින් ජනාධිපති ලේකම් කාර්යාලයට මේ අරගලය ඇති කළේ. එදා මම රටට ඡන්දයක් ඕන කියන කොට ප්‍රවෘත්ති සාකච්ඡාවක රතු සහෝදරයන්ගේ නායකයාගෙන් අහන කොට එයා කියනවා සජිත්ගේ මොලේ පරීක්ෂා කරන්නලු‍. ඡන්දයක් ඕන කියද්දි මගේ මොලේ පරීක්ෂා කරන්න කියපු අය අද කියනවා ඡන්දයක් ඕන කියලා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා –

“එදාවේල ටුවර්ස් විදිහට දුවන මේ ආණ්ඩුවට රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බැහැ. එදා කාක්කන්ගේ තටු එල්ලනවා කියපු අය ඔළු වන වන හිටපු අය දැන් මේ ප්‍රදේශයෙන් දියවෙලා ගිහිල්ලා. අද අපේ රට ඉතාම අවාසනාවන්ත දිශාවකට ගමන් කරනවා. රටටම අඳුරු යුගයක්. ජනතාවට තුන්වේල කන්න නැතිවෙලා. මේ කුරුණෑගල ගැන මට ලොකු අවබෝධයක් තියෙනවා. අද දෙමාපියන්ට දරුවන්ට කන්න දෙන්න තියා අධ්‍යාපනයට අවශ්‍ය දේවත් අරන් දෙන්න බැරිවෙලා. කෘෂිකර්මය විනාශ කළා. ගොවියාට පොහොර නැහැ. අලි ප්‍රශ්නයට විසඳුම් නෑ. මේ ආණ්ඩුව ණය අරගෙන නිකන් විනාශ කළා. දැන් අයි.එම්.එෆ්. සරණ හොයනවා. ඒක එන්නේ අවුරුදු හතරකින්. ජනාධිපති සුඛවිහරණය හොයනවා. නමුත් රට පරිහානියට ගිහිල්ලා. පාතාලය රජ කරනවා. මත්ද්‍රව්‍ය නිලධාරීන් නාකොටික් ජාවාරමේ. පොලිසිය කඩා වැටිලා. මැති ඇමැතීන්ට අක්කර ගණන් ගංජා වතු. රටේ ආඩම්බර වෙන්න කිසිවක් නැහැ. අපි බලයට ආවාම සියලු දේ නිවැරදි කරනවා. අපි සියල්ලන්ගේ ගෞරවය රකිනවා. ජනාධිපති අද වැඩ බැරි ටාසන් වගේ. මෙයා උතුරේ ඡන්ද කෑදරකමට 13 සම්පූර්ණයෙන් ම දෙනවාලු. අද උතුරේ ආරක්‍ෂාව අනතුරේ. පාස්කු මහ මොළකරුවෝ නිදැල්ලේ. අපේ රජය පැමිණි විගස අපි අනිවාර්යයෙන් මහමොළ අල්ලනවා. කතෝලික, මුස්ලිම් ජනතාවට සාධාරණය කරනවා. අපි නැවත ත්‍රස්තවාදය ඇති වෙන්න ඉඩ තියන්නේ නෑ. අපි ඕනෑම තැනක අරගල කරන්න ඉඩ දෙනවා. මේ රට නිදහස ලැබුණු දා සිට ඉදිරියට ගියේ නැහැ. ජීවන වියදම දරන්න බැහැ. ආර්ථිකය කඩා වැටිලා. දූෂණය, අවභාවිතය, පගා කොමිස් නවත්වන්නේ නැතිව මේ රටට ඉදිරියක් නැහැ. දේශපාලකයන් 50% ක් දූෂිතයි. ඔවුන්ට කැපවීම, දුර දක්නා නුවණ නැහැ. නමුත් අපි සමගි බලවේගය සමඟ ඉදිරියට යනවා. මොන පක්‍ෂයක වුණත් හොරුන්ට තැනක් දෙන්න එපා. පාර්ලිමේන්තුවේ සුන්දර කතා කීවට රැවටෙන්න එපා. අරගලය ඉවර නෑ. අපි හැමෝගේම හිතේ අරගලය තියෙනවා. දූෂිත දේශපාලකයන් පූර්ණව පිටුදැක ජනතාවගේ හදවත හඳුනන පිරිසකට බලය දෙන්න. නැත්නම් රට නැවතත් අගාධයේ.

සමගි ජනබලවේගයේ නායකයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment