ජපානයේ සුළි කුණාටුවක්: – 20000ක් නිවෙස්වලින් ඉවත් කෙරෙති

276

දකුණු දිග ජපානයට හමා ආ සුළි කුණාටුවක් හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත් කර ඇති අතර දූපතේ පිහිටි නිවාසවලින් තුනෙන් එකක විදුලිය ඇනහිට ඇති බව වාර්තා වෙයි.

‘කානුන්’ නමැති මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විසිදහසක් පමණ දෙනා නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබූ අතර දූපතේ පිහිටි නාහා ගුවන් තොටුපළේ සිට ගුවන්ගත කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් 900ක් අවලංගු කර තිබේ.

මෙම සුළි කුණාටුව පසුගිය දා චීනයට කඩා වැදුණු අවස්ථාවේ දී පුද්ගලයන් 34 දෙනෙකු මිය ගොස් තිබූ අතර ශතවර්ෂයකට පමණ පසු චීනයට, ඇදහැළුණු දරුණුම වර්ෂාපතනය ඇති වීමට ද එය මුල් විය. සති කිහිපයක් තුළ නැගෙනහිර ආසියාවට කඩා වැදුණු තුන්වැනි සුළි කුණාටුව ‘කානුන්’ වන අතර ගෝලීය උණුසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි සුළි කුණාටු ඉදිරියේදී ද ඇති වනු ඇති බව විද්වත්හු පවසති.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment