ඩෙවෝන් අනතුරින් ලංකාව ගැලවෙයි

283

කොළඹ වරායේ සිට ඉන්දියාවේ හල්සියා වරාය වෙත යාත‍්‍රා කරමින් තිබූ ඩෙවෝන් නමැති බහාලූම් නැවේ තෙල් ටැංකියකින් තෙල් ටොන් 10 ක් බෙංගාල බොක්කේදී කාන්දුවීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
 
 පෘතුගාල ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ මේ නැවේ තෙල් බෙංගාල බොක්කේ කිලෝමීටර් 10 ක් දුරට පැතිරී තිබේ.
 
 ඩෙවෝන් නැවේ පතුලේ සිදුවූ සිදුරු වීමකින් මෙම තෙල් කාන්දුව ඇති වී ඇත.
 
 ඉන්දීය වෙරළාරක්ෂක බලධාරීන් පැවසුවේ කාන්දු වූ තෙල් ටැංකියේ ඉතිරි තෙල් වෙනත් ටැංකියකට මාරු කිරීමට කාර්ය මණ්ඩලය කි‍්‍රයා කර ඇති බවයි.
 
 මේ නැව ඉන්දියාවේ හල්දියා වරාය වෙත ඊයේ (18 දා* රාති‍්‍ර වනවිට ළඟාවීමට නියමිත බව ඉන්දීය බලධාරීහු පවසති.
 
 ඩෙවෝන් නැවේ මෙම තෙල් කාන්දුවීම බෙංගාල බොක්කේදී සිදුවීම නිසා කොළඹ වරාය ගැලවී තිබේ.
 
 මෙම තෙල් කාන්දුව කොළඹදී සිදු වූයේ නම් මහත් විනාශයක් වීමට ඉඩ තිබිණි.
 
 මේ නැව මුලින්ම පැමිණියේ කුමන වරායකින්ද යන්න ගැන ඊයේ සවස්වන විටත් වාර්තා වී නොතිබිණි.


 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment