පහන්තුඩාව ඇල්ලේ අසැබි දසුන් පෑ ජෝඩුව අත්අඩංගුවට

322

බළංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

පිරිමි පුද්ගලයා මහරගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයකු වන අතර ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාව 24 හැවිරිදි වියේ පසුවෙයි. පන්නිපිටිය පෙදෙසේ තාවකාලිකව පදිංචිව සිටින ඇය අවිවාහක තැනැත්තියක බවත් මෙවැනි අසැබි දසුන් අන්තර්ජාලයට සහ වෙබ් අඩවිවලට මුදා හැර මුදල් උපයන තැනැත්තියක බවත් පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්ව විසින් දැඩි දෝෂ දර්ශනය කිරීම හේතුවෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝව එම වෙබ් පිටුවෙන් මේ වන විට ඉවත් කර ඇත. අදාළ දර්ශන සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ඉක්මනින් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා දම්සක් පදනමෙහි සභාපති ශාස්ත‍්‍රපති පස්සර ඇල්ලේ දයාවංශ හිමියන් විසින් ද ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකර මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment