ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ දොර වැසීම ගැන පුදුම සතුටුයි

268

වාසු පාර්ලිමේන්තුවේදී කියයි

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට පාර්ලිමේන්තුවට ඒම තහනම් කිරීම ගැන තමන්ට ලොකු සතුටක් තිබෙන බව වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

එහිදී ඔහු මෙසේද කීය.

විසි දෙවැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට පාර්ලිමේන්තුවට ඒම තහනම් කරන බවට හිටපු ජනාධිපති අපට පොරොන්දුවක් දුන්නා. නමුත් එදා එය වුණේ නැතත් අද එය වෙන එක ගැන සතුටුයි. දැන් මෙය සම්මත වූ පසුව ද්විත්ව පුරවැසිභාවය ඇති කෙනෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න බෑ. ඒ ගැන මට ලොකු සතුටක් තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment