දැහැමි ගිහියාගේ මෙලොව හිත සුව සදන කරුණු හතර

332

1. උට්ඨානසම්පදාව
 
 ධනයත් බුද්ධියත් දෙක ලබා ගැනීම සඳහා කරන කටයුතුවලදී අව්ව, රැුය, දවාලය, සීතලය, උෂ්ණය, ආහාර අනුභව කළ වේලාවය, බඩගිනි වෙලාවය යනාදී කරුණු කිසිවක් නොසලකා ධනය වැඩියෙන් ලබාගත හැකි කොයි වෙලාවෙහි වුවද වැඩ කිරීමටත්, බුද්ධිය ලබාගත හැකි කොයි වෙලාවෙහි වුවද ඒ කාර්යයෙහි යෙදීමටත් පෙළඹෙන චිත්ත ගතියෙන් ඇතිවන වීර්්‍යයෙන් තැනට කලට වෙලාවට ඇසුරු කරන පුද්ගලයාට සුදුසු පරිදි සිතා මතා අවස්ථාවෝචිතව අනසලව කටයුතු කිරීම උට්ඨානසම්පදාවයි.
 
 2. ආරක්බසම්පදාව
 
 උට්ඨානසම්පදාවෙන් ලබාගත් ධනය හෝ බුද්ධිය හෝ නැතිවීම යා නොදී රැුකගැනීමට දන්නා බව මින් කියවෙයි. විවිධ ව්‍යාපාර රැකියා වෘත්තීන්හි යෙදී රැස් කළේ ධනයයි. පාසල් යෑමෙන්, ගුරුවරුන් ඇසුරු කිරීමෙන් බණදහම් ඇසීමෙන් පතපොත කියවීමෙන්, වැඩිහිටියන් උගතුන් හා සාකච්ඡුා කිරීමෙන් රට තොටෙහි ඇවිදීමෙන් ලබා ගන්නේ බුද්ධියයි. රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් වතුරෙන් වේයන් මීයන් කෑමෙන් සුරාවෙන් සුදුවෙන් බේබදුකමෙන් සල්ලාලකමෙන්, ආදී මේ නොයෙක් අයුරින් ධනය නැතිවිය හැකිය.
 
 උගත් ධර්මය ශිල්ප ශාස්ත‍්‍රය, අභ්‍යාසයෙහි නොයෙදීමෙන් අමතකව යෑමෙන් අභාවිතයෙන් නැති වී යා හැකිය.
 
 ඒ කවර ආකාරයකින්වත් ලබාගත් ධනය හෝ බුද්ධිය නැතිවී යා නොදී රැුක ගැනීමෙහි පමණක් නොව ඒවා වැඩිදියුණු කර ආරක්‍ෂා කර ගැනීමෙහි කටයුතුවල කාර්යශීලීව අවස්ථාවෝචිතව, ඉවසිලිවන්තව, සිහිනුවණින් කටයුතු කොට එකී ධනයත් බුද්ධියත් දියුණු පමුණු කොට තහවුරු තබා ගැනීමට දන්නා බව ආරක්ඛ සම්පදාවයි.
 
 3. කල්‍යාණමිත්ත
 
 හොඳ ශික්ෂිත සැහැදැවත්, ත්‍යාගවන්ත, ප‍්‍රඥාවන්ත තමාට වඩා ගුණ ධර්මවලින් වැඩි දියුණු වූ සුරාවෙන් සුදුවෙන් සල්ලාලකමින් චරිතය කිළිටි කර නොගත් ම`ග නොම`ග නිවැරදිව පෙන්වා දීමෙහි සමත් කාරුණික පුද්ගලයා ධනවතකු නොවූවද කල්‍යාණ මිත‍්‍රයෙකි. එබඳු තැනැත්තා ධන නිල ආදියෙනුත් යුක්ත නම් අංග සම්පූර්ණ කළ්‍යාණ මිත‍්‍රයෙකි. එබඳු අයගේ ඇසුර නිසා තමාගේ දැහැමිකම වැඩි දියුණු වේ. නොදැහැමිකම දැහැමිකම බවට පත්වේ.
 
 4. සමජීවිකතා
 
 තමාගේ ආදායමට සරිලන පරිද්දෙන් වියදම් කිරීමට දන්නා බවයි. එසේ නොවුවහොත් ආදායමට ඔරොත්තු නොදෙන අයුරින් ගේ දොර ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදී බොරු ආටෝප වැඩිකර ගන්නට යෑමෙන් සායම් ජීවිතයක් රටට ප‍්‍රදර්ශනය කරනු සඳහා ණය ගැතියෙක් වන්නේය. වර්ණවත් සාටෝප ණය ගැති ජීවිතයට වඩා චාම් වූද පිරිසිදු වූද ණය නැති නිදහස් ජීවිතය සැප හා සහනය පිණිස වන්නේය.
 
 ශාස්ත‍්‍රපති  – දෑරංගල මංගල හිමි

advertistmentadvertistment
advertistmentadvertistment