දිනේෂ්ට සහ සමිතට ත්‍යාග මුදල් ලබා දීම කඩිනමින්… – ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කියයි

154

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී රන් පදක්කමක් ජයග‍්‍රහණය කරමින් ලෝක වාර්තාවක් පිහිටු වූ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් ක‍්‍රීඩකයාට තිළිණ කිරීමට නියමිතව ඇති කෝටි 5ක ත්‍යාග මුදල ඔහුට පිරිනමන්නේ කවදාද යන්න ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡුා කර තීරණය කරන බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘දිවයින’ට පැවසීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයකුට ක‍්‍රීඩා දස්කමක් වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ත්‍යාග මුදල ලෙස සැලකෙන අදාළ මුදල් තිළිණයේ වටිනාකම පිළිබඳ තීරණයට එළැඹි අවසන් සාකච්ඡුාව ජාතික ක‍්‍රීඩා සභාවේ සාමාජිකයන් අතර පෙරේදා (01 වැනිදා) පැවති බවත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. සූම් තාක්ෂණය ඔස්සේ ජාතික ක‍්‍රීඩා සභාවේ සාමාජිකයන් අතර පැවති එම සාකච්ඡුාවේදී මෙම මුදල් ත්‍යාග පිළිබඳ තීරණයට එළැඹි බවත් එම තරගාවලියේදීම හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග‍්‍රහණය කළ සමිත දුලාන් ක‍්‍රීඩකයාට රුපියල් කෝටි දෙකක ත්‍යාග මුදලක් ලබාදීමටත් එහිදී තීරණය කළ බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. එසේම මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාගේ පුහුණුකරු වන ප‍්‍රදීප් නිශාන්ත මහතාටත් රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබාදීමටත් තීරණය කළ බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.

ඔවුන්ට අදාළ ත්‍යාග මුදල් ලබාදීම ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී හෝ වෙනත් ස්ථානයකදී සිදු කිරීමට නියමිත බවත් මේ සියලූ කටයුතු කොවිඞ් මර්දන රෙගුලාසි මත පදනම්ව සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

දිනේෂ් ප‍්‍රියන්තට ලබාදීමට නියමිත රුපියල් කෝටි 5ක මුදල ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩා ඉතිහාසයේ ක‍්‍රීඩා ජයග‍්‍රහණයක් වෙනුවෙන් ක‍්‍රීඩකයකුට පිරිනැමෙන ඉහළම ත්‍යාග මුදල වන බවත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මීට පෙර 2000 වසරේදී සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග‍්‍රහණය කළ (පසුව එය රිදී පදක්කමක් බවට පත්විණි.) සුසන්තිකා ජයසිංහට රුපියල් කෝටිය ඉක්මවූ මුදලක් සහ තීරු බදු රහිත වාහන බලපත‍්‍රයක් සහ අගනුවරින් නිවසක් පිරිනැමිණි.

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම ජයග‍්‍රහණය කළ දිනේෂ් ප‍්‍රියන්ත මීටර් 67.79ක් දුරට හෙල්ල විසිකරමින් එහි ලෝක වාර්තාව පිහිටුවනු ලැබීය.

දිනේෂ් ප‍්‍රියන්තට මෙම ත්‍යාග මුදල් ලබාදීමට තීරණය කිරීම සඳහා එම ලෝක වාර්තාව විශේෂයෙන් සැලකිල්ලට ගත් බවත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment