දේශබන්දුගේ ප්‍රකාශය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති අද – සීඅයිඩීයට කැඳවයි

477

ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද (19 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයා මෙසේ කැඳවා ඇති බව වාර්තා වෙයි.

ගාලුමුවදොර අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස පොලිස්පතිවරයා නියෝග කළ බව කියන සිද්ධියක් මේ වනවිට මහත් ආන්දෝලනයට ලක් වී ඇත.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment