පාසල් යළි ඇරඹීම 25 දාට කල් යයි

77

හෙට (21 දා) සිට පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා ලබන සඳුදා (25 දා) සිට පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

 එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමු කර ඇති අතර, ඒ අනුව සියලු පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment