බගවන්තලාවේ බැංකුවක් ළඟ අවුලක්

91

කළමනාකරු සහ ගනුදෙනුකරු අතර බහින්බස් වීමක්

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට පැමිණි ගනුදෙනුකරුවකු සහ බැංකුවේ කළමනාකරු අතර ඇති වූවේ යැයි කියන බහින්බස් වීමක් සම්බන්ධයෙන් එම ගනුදෙනුකරුවා බගවන්තලාව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්. දෙහිගම මහතා පැවසීය.

බගවන්තලාව රාජ්‍ය බැංකුවේ කළමනාකාරවරයා විසින් බගවන්තලාව පොලිසියට කළ දැනුම් දීමක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරීන් විසින් එම බැංකුව අසලට ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බගවන්තලාව පොලිසියේ නිලධාරීන්ට එම ස්ථානයේ රැඳී සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් මතුවිය.

විදේශීය රටක රැකියාවක නිරතව සිට පැමිණි එම ගනුදෙනුකරුවා සැකපිට බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසීය.

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් පිරිසක් එම සැකකරු අත්අඩංගුවට ගන්නා ආකාරය එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයකු විසින් සජීවීව සමාජ මාධ්‍යට එක්කර තිබුණි.

එම දර්ශන මේ වන විට විශාල පිරිසක් නරඹා ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment