බස්නාහිර ට සබරගමුවට තද වැසිලු

194


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
එහිදී ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති වන බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අමතරව වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්ල උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොතොටපුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40-45 ක පමණ අගයක් ගන්නා බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment