බහින්බස් වීම දුරදිග ගොස් සෙබළුන් දෙදෙනකු මැරූ සෙබළාට මරණීය දණ්ඩනය

66

මන්නාරම, පරප්පකණ්ඩාල් යුද හමුදා කඳවුරේදී යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කොට තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි යුද හමුදා සෙබළෙකුට මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. එම්. මිහායිල් මහතා විසින් 6දා මරණීය දණ්ඩනය නියම කළේය.

2009 ඔක්තෝබර් මස 2දා මන්නාරම පරප්පකණ්ඩාල් යුද හමුදා කඳවුරේදී මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ මුරුන්කන් පොලිසිය එම යුද හමුදා කඳවුරේම සෙබලෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුගෙන් ප්‍රශ්න කොට ඔහුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇපමත නිදහස ලබා සිටි අතර නීතිපතිවරයාගේ උපදෙස් මත එම නඩුව මන්නාරම මහාධිකරණයේදී විභාගයට ගැනීමෙන් පසුව වසර 14කට පසුව චූදිතයාට මරණීය දණ්ඩනය හිමි වී තිබේ. යුද හමුදා කඳවුර තුළ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යෑම නිසා කෝපයට පත් යුද හමුදා සෙබළා සිය රාජකාරී ගිනි අවියෙන් සෙසු යුද හමුදා සෙබළුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කළ බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment