බාලවයස් දරුවකුට කැත වැඩක් කළ විත්තිකරු වසර 27 ක් හිරේ

516

වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාව ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා බරපතළ වැඩ සහිත වසර 27 ක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව විත්තිකරුට රුපියල් 75,000 ක දඩයක් නියම කළ විනිසුරුවරයා වින්දිත දරුවාට රු. 150,000 ක වන්දියක් ගෙවනා ලෙසට ද සදින් සංකා නමැති එම විත්තිකරුට නියෝග කළ අතර එම වන්දිය හා දඩ නොගෙවන්නේ නම් අමතර වසර දෙකක සිරදඬුවම් ලබාදීමටත් වැඩිදුරටත් නියෝග කළේය.

අධිකරණය විසින් නියම කළ එම දඬුවම් මහාධිකරණ භාෂණ පරිවර්තක සුලෙයිමාන් මොහොමඩ් යාසීර් මහතා විසින් විවෘත අධිකරණය හමුවේ කියවා දුන්නේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දමිතිනි ද සිල්වා මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිලි මෙහෙයවූවාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment