බැඳුම්කර නඩුවක් 25දා කැඳවයි

218


හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව මෙම මස 25දා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

එම නඩුව අද අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරු වෙත භාර දුන්නේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අද දින ලබාදුන් ලේඛන අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් ඒවා අධිකරණයට දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව අදාළ නඩුව මෙම මස 25 දා කැඳවීමට ද නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment