බෝල ගෙඩි වගේ දරුවනුත් මන්ද පෝෂණයට ගොදුරුවෙති

238

තුන්වේලටම දරුවන්ට බත් ලබාදිය යුතු නැත. උදෑසනට කඩල, මුංඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගයක් තබ්බා පොල් ටිකක් මිශ්‍රකර ලබාදීමෙන්, මේදය, පිෂ්ඨය, ප්‍රෝටීන් ඉතා පහසුවෙන් ලබා ගත හැකිය

 කුඩා දරුවන්ගේ මන්ද පෝෂණය ගැන මේ දිනවල බොහෝ දෙනා කථා කරති. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ළමා මන්දපෝෂණය ඉතා බරපතළ බැවිණි. එය දෙවැනි වන්නේ ගැබිනි මව්වරුනගේ මන්ද පෝෂණයට පමණි. ගැබිනි මවක් මන්ද පෝෂණයට ලක්වීමෙන් මවටත් ඇයගේ කුස තුළ වැඩෙන දරුවාටත් බලපායි. එහිදී එම මන්දපෝෂණය නිසි ලෙස පාලනය නොකළහොත් ගැබිනි මවගේත් කුස තුළ සිටින දරුවාගේත් ජීවිත හානිවීමක් පවා සිදුවිය හැකිය. එසේ කුසින් බිහිවන දරුවා අඩු බර දරු උපතක් විය හැකියි.

 මෙවැනි දරුවකු යළිත් වරක් මන්දපෝෂණයට ලක්වුවහොත් එම දරුවාගේ වර්ධනය බාල විය හැකියි. එසේම ඉතා පහසුවෙන් විවිධ රෝගවලට ගොදුරු විය හැකියි. විශේෂයෙන්ම ඇස් පෙනීම දුර්වලවීම, අස්ථි දුර්වලතා රෝග, ලිංගික පද්ධතියේ දුර්වලතා, ග්‍රැස්ටයිටීස් වැනි රෝග මතු වේ.

 සිරුරේ ප්‍රතිශක්තිය දුර්වලවීම නිසා ඉතා පහසුවෙන් වෛරස, බැක්ටීරියා වැනි බෝවන රෝගවලට ගොදුරු වේ.

 මව් කුසින් බිහිවූ පසු දරුවකුගේ වර්ධනය ඉතා වේගයෙන් සිදුවන්නේ වයස අවුරුදු 10 පමණ දක්වාය. එම කාලයේදී දරුවන්ගේ හදවත, වකුගඩු, මොළය ආදියේ නිසි ක්‍රියාකාරිත්ව සඳහා අවශ්‍ය පෝෂණය නොලැබුණහොත් ඒවායේ ක්‍රියාකාරිත්වයේ දුර්වලතා හට ගනී. එවිට දරුවා කායිකව වර්ධනය වනවිට මෙම ඉන්ද්‍රියන් නිසි වයසට වර්ධනය නොවේ. එවිට මෙවැනි දරුවන් නිසි කලට වැඩි වියට පත් නොවේ. සිරුරේ ප්‍රතිශක්තිය දුර්වලවීම නිසා නිතර නිතර ආසාදන රෝගවලට ගොදුරුවීමෙන් නිරෝගී සෞඛ්‍ය පිරිහේ.

 ● මන්දපෝෂණය වළක්වා ගැනීම

 කුඩා දරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය වන්නේ පිෂ්ඨය, මේදය, ප්‍රෝටීන්, විටමින් බහුල ආහාර වර්ගය. ඒ සඳහා ධාන්‍ය වර්ග ආහාරයට ලබාදිය හැකිය. පරිප්පු, කඩල, කවුපි, මුංඇට, රට කජු, බඩඉරිඟු ආදී ධාන්‍ය වර්ග දරුවාගේ ප්‍රධාන ආහාර වේල් තුනට එක්කර ගත යුතුයි.

 තුන්වේලටම දරුවන්ට බත් ලබාදිය යුතු නැත. උදෑසනට කඩල, මුංඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගයක් තබ්බා පොල්  ටිකක් මිශ්‍රකර ලබාදීමෙන්, මේදය, පිෂ්ඨය, ප්‍රෝටීන් ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

 නිවිති, තෝරකොළ, කතුරුමුරුංගා කොළ, බතල කොළ, මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් හෝ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට එක්කර ගැනීමෙන් විටමින් වර්ග ලබාගත හැකිය.

 වෙරළු, නාරං, ලාවලු, කටු අනෝදා, උගුරැස්ස, ජම්බු, නමිනං, වැනි පලතුරු වර්ග මගින් විටමින් වර්ග සියල්ලම සිරුරට ලබාගත හැකිය.

 මඤ්ඤොක්කා, බතල වැනි අල වර්ගයක් හෝ කොස්, දෙල් වැනි ගෙඩි වර්ගයක් තම්බා එක් ප්‍රධාන ආහාර වේලක් ලෙස දිය හැකිය. ඒ සඳහා පොල් සම්බෝලයක් සාදා ආහාරයට මිශ්‍ර කළ හැකිය.

 හාල් මැස්සන්, සාලයෝ, වැනි කුඩා මාළු වර්ග මගින් සිරුරට අවශ්‍ය ඛනිජ ලවන ලබාගත හැකිය.

 මෙලෙස දරුවන්ට දේශීය ආහාර වර්ග නිසි ලෙස ලබාදීමෙන් මන්දපෝෂණය පාලනය කරගත හැකිය. කෘත්‍රිමව සකස් කළ ආහාර ක්‍ෂණික ආහාර රසකාරක යෙදු ආහාර මගින් දරුවාගේ රස නහර පිනවා කුස පුරවා ගත හැකි මුත් ඉන් සිරුරට අවශ්‍ය නිසි පෝෂණයක් නොලැබේ.

 මෙවැනි ආහාර වර්ග නිසාද බොහෝ දරුවන් මන්දපෝෂණයට ලක් වේ. මේවායේ ඇත්තේ අධික පිෂ්ඨය සහ මේදය පමණි. ඉන් දරුවා තරබාරුවේ. බොහෝ දෙමාපියන් උත්සාහ කරන්නේ තම දරුවන් බෝලගෙඩි මෙන් තරුබාරු කර

 ගැනීමට පමණි. එසේ තරබාරු වූ පමණින් දරුවන් පෝෂණීය තත්ත්වයට පත් නොවේ.

බෝල ගෙඩි වගේ දරුවනුත් මන්ද පෝෂණයට ගොදුරුවෙති

සෘෂි නාඩි වද්‍යා ව පිළිබඳ මහාචාර්ය, සෙම් රෝග සහ ආතරයිටීස්, පිළිකා රෝග පිළිබඳ – විශේෂ වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment