මඟුල් ගෙදර ගින්නෙන් 100ක් මිය යති – මනාල යුවළත් ඒ අතර

1413

උතුරු ඉරාකයේ මංගල උත්සවයකදී ඇතිවූ ගින්නකින් පුද්ගලයන් සියයකට අධික පිරිසක් මරුවුවට පත්වී ඇත.

මෙහිදී තවත් පුද්ගලයන් 150ක් තුවාල ලබා ඇත.

මෙම ගින්න ඇතිවීමට හේතුව ලෙස සැලකෙන්නේ එම මංගල උත්සවයට රැගෙන පැමිණි ගිණිකෙළි බවට සැක කෙරේ.

මෙම විපතට ලක්වූවන් ගින්නට දැවී යෑමෙන් මෙන්ම එම උත්සව ශාලාවේ ඔක්සිජන් හිනවීම නිසා මරණයට පත්ව ඇත.

මෙම සිද්ධියෙන් විවාහ යුවළ ද මරණයට පත්වී ඇති බව ඉරාක රජයේ නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබේ.
චතුර පමුනුව සහ ඒමත්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment