මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව අනිද්දා පිටත් වෙයි

107

ලබන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු හි දී පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම අනිද්දා (20 වැනිදා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාව එම තරගාවලියේ දී ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින අතර එම කාණ්ඩය සඳහා උස්බෙකිස්තානය, මාලදිවයින සහ කසකස්තානය තරග වදී.

සත්කාරක නේපාලය, ඉන්දියාව බංග්ලාදේශය සහ කිරිගිස්තානය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර තරගය ලබන 22 වැනිදා පැවැත්වේ.

ආසියානු වොලිබෝල් සම්මේලනය සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 14 ක් සහ නිලධාරීන් 4ක් අයත් වන අතර කණ්ඩායමේ නායකත්වය සඳහා තිලිනි වාසනා නම් කොට ඇත.

සමාරම්භක තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ 23 වැනිදා කසකස්තානය සමග ද 24 වැනිදා මාලදිවයින සමඟ ද මූලික වටයේදී තරග වදිනු ඇත. තරගාවලියේ දෙවැනි වටය ලබන 25 සිට 27 දක්වා දිනවල පැවැත්වෙන අතර අවසන් මහා තරගය මැයි 28 වැනිදා පැවැත්වීමට නියමිතය.

  • අසුන්ගෙන වමේ සිට

කවිෂා ලක්ෂානි (උප නායිකාව), චන්දිමා අකරවිට – සහාය පුහුණුකරු, තුෂාර පෙරේරා මහතා – කළමනාකරු, කංචන ජයරත්න මහතා – සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඒ. එස්. නාලක මහතා – ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය චාර්ල්ස් තිලකරත්න – ප්‍රධාන පුහුණුකරු, ජගත් සේනාධීර – අභ්‍යාසක, තිළිනි වාසනා – නායිකාව පසුපස පේලිය වමේ සිට දිලුෂා සංජීවනි, ප්‍රීතිකා ප්‍රමෝදනි, ජේ. තිලක්ෂනා, අප්සරා සෙව්මාලි, ඉරේෂා උමයංගනි, පියුමි භාෂිනි, සංජීවනි කරුණාරත්න, අයේෂා මධුරිකා, අරුණ වසන්ති, කාංචනා චතුරානි, නදුනි හිමංසලා, සචිනි චාරුකා
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment