මහ බැංකුවේ පෙරදැක්ම කබ්රාල් හෙට ඉදිරිපත් කරයි

96

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් හෙට (01 දා)  උදේ 10.00 ට මහ බැංකුවේ සය මාසික පෙරදැක්ම ප‍්‍රකාශයට පත්කරනු ලබයි.

මෙම ඉදිරිපත්කිරීම ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙරදැක්ම’ ලෙස නම්කර ඇත.

පවතින කොවිඞ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අරමුණින් සහභාගිවීම ආරාධිතයන්ට පමණක් සීමා කර ඇත. මහ බැංකු අධිපතිවරයාගේ ඉදිරිපත්කිරීම යූටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ සජිවීව නැරඹීමට අවස්ථාව සලසා ඇති බව ද මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment