මාලිගාවත්ත යූත් – යංග් සිල්වර් – ජාවාලේන් – රිනවුන් අර්ධ අවසන් වටයට

49
මාලිගාවත්ත යූත් හා යංග් සිල්වර් අතර තරගයේ අවස්ථාවක්.

යූසුෆ් කුසලාන පාපන්දු තරගාවලිය

සිටි පාපන්දු ලීගය තෙවැනි වරටත් සංචිධානය කරන ‘යූසුෆ් කුසලාන’ 19න් පහළ පාපන්දු තරගාවලියේ මාලිගාවත්ත යූත් හා යංග් සිල්වර් අතර තරගයෙන් මාලිගාවත්ත යූත් ක්‍රීඩකයෝ ගෝල් 3-1ක ජයක් වාර්තා කළහ. කොළඹ සිටි පාපන්දු පිටියේදී පසුගිය සති අන්තයේ පැවැති මෙම තරගයෙන් පසු මාලිගාවත්ත යූත් හා යංග් සිල්වර් යන කණ්ඩායම් දෙකම අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්හ. ඔවුන්ගේ කාණ්ඩයේ සිටි කොළඹ සිටි පාපන්දු සමාජය විනය හේතු මත තරගාවලියෙන් ඉවතට ගිය බැවින් මාලිගාවත්ත යූත් හා යංග් සිල්වර් යන කණ්ඩායම් දෙකට අර්ධ අවසන් වටයට පිවිසීම පහසු විය.

ජාවාලේන් හා රිනවුන් යන කණ්ඩායම් අතර පැවැති තරගයේ ජය දඬුවම් පහර මඟින් ජාවාලේන් පිලට හිමි විය. මෙම තරගාවලියේ පසුගිය වසර දෙකේදීම ශූරතාව දිනාගත් ජාවාලේන් පිල සමඟ රිනවුන් කණ්ඩායම ද මේ වනවිට අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා සිටී.

මූලික වටයේ පැවැති තවත් තරගයකදී මොරගස්මුල්ල හා වැල්ලවත්ත කුරේ යන ක්‍රීඩා සමාජ අතර, තරගයෙන් ගෝල් 2-0ක ජයක් මොරගස්මුල්ල පිලට හිමි විය. සෝන්ඩර්ස් හා කොළඹ පාපන්දු සමාජය අතර තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. මෙම තරගාවලියේ ලීග් වටයේ අවසන් තරග කිහිපය ලබන සති අන්තයේ පැවැත්වෙන බැවින් අර්ධ අවසන් වටයට පිවිසෙන ඉතිරි කණ්ඩායම් ඉදිරියේදී තීරණය කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment