මෙන්න ඔබේ සැගවුණු ධන රාශිය

2195

මේ ලෝකයේ උපදින අප සියලු දෙනාටම ජීවත් වීමට අවශ්‍ය මූලික සාධක අතර මුදල් මය ශක්තිය ඉතාම වැදගත් සාධකයකි. මුදල් නැතිනම් අපට ජීවිතයේ කිසිම අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට නොහැකිය. එසේනම් මුදල් යනු අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් අධිකව මුදල් තිඛීමත් ජීවිතයට කරදරයකි, හානියකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව මුදල් නමැති සාධකයටත් ගැළපෙන බව මාගේ හැඟීමයි. එසේ නම් කෙනෙකුට ජීවත් වීමට යම් ආර්ථික ශක්තියක් තිබිය යුතුමය. ඒ සඳහා ජන්ම කේන්ද්‍රයක ආර්ථික ශක්තිය නැතහොත් ධන ශක්තිය මැන බලන්නට අප බෙහෙවින්ම මූලික වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ හඳහනේ කොටු 12 අතරින් දෙවන රාශිය වන ධනස්ථානයත් එකොළොස්වැන්න වන අයස්ථානයත් යන රාශි දෙකයි.

මෙන්න ඔබේ සැගවුණු ධන රාශිය

එයට අමතරව රැකියාව හෙවත් වෘත්තීය බලය විමසා බැලීම සඳහා 10 වැන්න හා 10 වැන්න අධිපතිත් මීට අමතරව ලග්නාධිපතීත් 9 වැන්නාධිපතිත් වැදගත් වෙයි. අයස්ථානයෙන් එනම් 11 වන්නෙන් 11 වන රාශිය වන 9 වැන්න ආදායමට අනියමින් බලපාන රාශිය වෙයි. එසේම කේන්ද්‍රයේ 9 වැන්නෙන් 11 වැන්න වූ 5 වැන්න කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

මෙන්න ඔබේ සැගවුණු ධන රාශිය

එනම් අප ඉහත සඳහන් කළේ කේන්ද්‍රයේ ධන ශක්තිය පිළිබඳවයි. අප ලබා ගන්නා එම ධනය, ආදායම වැඩි වශයෙන් වැය වන්නේ කුමන අංශයක් සඳහාද යන්න සොයා ගැනීම සඳහා හඳහනක සැඟවුණු ධන රාශියක් ඇති බව උසස් ජ්‍යොතිෂයේදී පිළිගනු ලබයි. බොහෝ දෙනකු ගුරු මුෂ්ටියක් ලෙස පමණක් යොදා ගනු ලබන මෙම සැඟවුණු ධන රාශිය පාඨක ඔබ වෙනුවෙන් ගෙන හැර දැක්වීම මෙම ලිපියේ මූලික අරමුණයි. එසේනම් එම සැඟවුණු ධන රාශිය සොයා ගන්නේ කෙසේද? අප ලබන ආදායම වැඩි වශයෙන් වියදම් වන්නේ ලෙඩරෝග වලටද, අධ්‍යාපනයටද, නඩුහබවලටද, නැතිනම් ගේ දොර ඉදිකිරීම් වැනි සංවර්ධන කටයුතුවලටද එසේත් නැතිනම් වෙනත් කාර්යක් සඳහාද යන්න සැඟවුණු ධන රාශිය සොයා ගැනීම තුළින් අපට තොරතුරු හෙළිකර ගත හැකිය. මීට අමතරව ලබන ආදායම යහපත් ද අයහපත් ද සුරක්ෂිත ද නැතහොත් හානිකරදැයි මෙමගින් නිගමනය කළ හැකිය.

සැඟවුණු ධන රාශිය සොයා ගැනීම සදහා පුරාණ ඉසිවරු විසින් නවග්‍රහයන්ගේ එක් එක් ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමානයක් නිර්දේශ කර ඇත ඒ මෙසේය.

මෙන්න ඔබේ සැගවුණු ධන රාශිය

සැඟවුණු ධන රාශිය සොයා ගැනීම සඳහා ඔබගේ ජන්ම පත්‍රයේ 9 වැන්නාධිපති සොයා එම ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමාණයත් චන්ද්‍රයාගෙන් 9 යට අයත් ග්‍රහයා හෝ බලවත් ග්‍රහයා සොයාගෙන එම ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමාණයත් එකට එකතු කර ලැබෙන පිළිතුර 12 ට වැඩි නම් 12 න් බෙදා ශේෂය ගෙන සඳු සිටි රාශියේ සිට එම සංඛ්‍යාව දක්වා වූ රාශිය තෙක් ගැන බැලිය යුතුය. එසේනම් අප ආදර්ශ හඳහනක් අනුව උදාහරණයක් ගෙන පැහැදිලි කර ගනිමු.

මෙම ඡන්ම පත්‍රයේ 9 වැන්න අධිපති සෙනසුරුය. එම ශනිට අයත් රශ්මි සංඛ්‍යාව 1කි. සඳුගෙන් 9 වැන්න කුම්භයයි. එය සිකුරුට අයිතිය. එම සිකුරුට අයත් රශ්මි සංඛ්‍යාව 12කි. එකතුව 13 කි. 12න් බෙදූ විට ශේෂය 1කි. ඒ අනුව සඳු සිටි රාශියේ සිට 1 වැන්න ලග්නයෙන් 2 වැන්නයි. ඒ අනුව සැඟවුණු ධන රාශිය වන්නේ 2 වැන්න වූ ධනස්ථානයයි. ඒ අනුව මෙම ඡන්මියාට ධනයෙන් අඩුවක් නැත.

මෙම ඡන්ම පත්‍රයේ 9 වැන්න අධිපති සඳුය. එම සඳුට අයත් රශ්මි සංඛ්‍යාව 16 කි. සඳුගෙන් 9 වැන්න තුලාවයි. එය සිකුරුට අයිතිය. එම සිකුරුට අයත් රශ්මි සංඛ්‍යාව 12කි. එකතුව 28 කි. 12න් බෙදූ විට ශේෂය 4 කි. ඒ අනුව සඳු සිටි රාශියේ සිට 4 වැන්න ලග්නයෙන් 7 වැන්නයි. ඒ අනුව සැඟවුණු ධන රාශිය වන්නේ 7 වැන්න වූ විවාහ ස්ථානයයි. ඒ අනුව මෙම ඡන්මියාගේ ධනය වියදම් වන්නේ විවාහ ප්‍රශ්න නඩු හබ වැනි 7 වැන්නෙන් ක්‍රියාත්මක කාරණා සඳහාය.

මෙන්න ඔබේ සැගවුණු ධන රාශිය

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
නො. 49/ 1, විහාර මාවත, ගම්මන්පිල,
බණ්ඩාරගම. දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment