යතුරුපැදියක් අධිවේගයේ ගමනක් ගිහින්

1940


දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී වැලිපැන්න දෙසට යාමට ඊයේ (17දා) රාත්‍රි යතුරුපැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩම්ගොඩ අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සාහ දරා ඇති අතර ඔහු පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති අතර මෙම පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙකි.

සැකකරු මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා දොඩංගොඩ පොලීසිය වෙත භාර දී ඇත. යතුරුපැදිකරු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු වාහනයක සවිකර තිබූ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment