යතුරුපැදි ආනයනයටත් අවසර දෙන්න

241

සිලෝන් මෝටර් ටේ්‍රඩර්ස් සංගමය රජයෙන් ඉල්ලයි

රූපවාහිනි, ජංගම දුරකථන වැනි මිල අධික භාණ්ඩ ආනයනය කිරීමට දී තිබෙන අවස්ථාව යතුරුපැදි සඳහාද ලබාදෙන ලෙස දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන සංගමය වන සිලෝන් මෝටර් ටේ්‍රඩර්ස් :(CMTA) රජයෙන් ඉල්ලීමක් කරයි.

ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් තම පවුලේ ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමේදී සහ ව්‍යාපාර වර්ධනය කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට සාමාන්‍ය ජනතාවට මිලදීගත හැකි තත්ත්වයක තිබෙන්නේ යතුරුපැදි පමණක් බවද ඔවුහු පෙන්වා දෙති.

ඇමෙරිකන් ඩොලර් 1000 ක් ගෙවා ඇතැම් රූපවාහිනි, ශීතකරණ වැනි භාණ්ඩ රැසක් මෙරටට ගෙන්වන නමුත් ඇමරිකන් ඩොලර් 650 ක් වැනි මිලකට ස්කූටර් වැනි යතුරුපැදි ගෙන්විය හැකිව තිබේ. ත්‍රිරෝද රථයක් සඳහා වැය වන්නේද ඇමරිකන් ඩොලර් 1300 ක් වැනි මිලකි. තහනම් කර තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ගෙන්වීමට පසුගියදා අවසර ලබාදුන්නත් එම ලැයිස්තුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ඇතුළත් නොවීම කනගාටුවට කරුණක් බව එම සංගමය පවසයි.

ශ්‍රී ලංකා වානිජ්‍ය මණ්ඩලයට අනුබද්ධිත සිලෝන් මෝටර් ටේ්‍රඩර්ස් සංගමය :(CMTA) 1919 වසරේ ආරම්භ කර ඇති අතර දේශීයව පත්කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයන් නියෝජනය කරන එකම වෙළෙඳ ආයතනය බවද එම සංගමය කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment