රජයේ ඉදිරි පියවර මත ඉදිරි අරගලය තීන්දු වේවි – ඕමල්පේ සෝභිත හිමි

101

ගාලු මුවදොර අරගලයේ නිරත වූවන් එම ස්ථානයෙන් ඉවත්වීම සිදුවීම අගය කරන බවත් ඔවුන් රට ඉදිරියේ තබා ඇති යෝජනා හා පෙරේදා අත්සන් කළ පුරවැසි ආඥාවට අදාළ කරුණු ගැන රජය ගන්නා පියවර තුළ අරගලය නව දිගුව හෝ නැවතුම සටහන් වනු ඇති බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සඳහන් කරති.

 අරගලය තුළ විවිධ ජීවිත කැපවීම් කළ හා රටේ එතෙක් ආ ගමන් මග සැලකිය යුතු ලෙස වෙනස් කිරීමකට කැපවූ ගාලු මුවදොර මෙන්ම රටේ සියලු තැන්වල ජනතාව කළ කැපවීම ද කෘතවේදීව අගය කරන බව ද උන්වහන්සේ කීහ.

 හමුදා පාර්ලිමේන්තුව රැක දුන්නා. මන්ත්‍රීවරු වගකීම ඉටු කරන්නැයි ජනාධිපතිවරයා හමුදා මූලස්ථානයේදී පවසා තිබුණා. එයින් ගම්‍ය වෙන්නේ අරලියගහ මැඳුර, ජනපති මැඳුර, අගමැති කාර්යාලය හා ජනාධිපති ලේකම් කාර්යාලය වැනි ආයතන රැක දීමට නොහැකි වූ අය ගැන දොස් පැවරීමක් ද යන සැකයක් අපට තිබෙනවා” යැයි උන්වහන්සේ කීහ.

advertistmentadvertistment
advertistmentadvertistment