රස ඖෂධ ප‍්‍රතිකාර

685

ආයුර්වේදයේ සහ දේශීය වෙදකමෙහි ඇති ඇතැම් ඖෂධ බොහෝ රෝග ඉතා ඉක්මනින් සුවකිරීමට හැකියාවක් ඇති බව ප‍්‍රායෝගිකව ඔප්පු කර ඇත. එලෙස භාවිතා කරන ඖෂධයක් ලෙස රස ඖෂධ හඳුනාගෙන ඇත. ඒ නිසා මෙම රස ඖෂධවල ගුණය පිළිබඳව සහ එය භාවිත කරන ආකාරය ගැන යම් දැනුමක් ලබා තිබීම මෙවැනි ඖෂධ ප‍්‍රතිකාර සඳහා යොමුවීමේදී වැදගත් වේ.
 
 වෛද්‍යතුමනි, රස ඖෂධ ලෙස හඳුන්වන්නේ කුමන ආකාරයේ ඖෂධ සඳහාද?
 
 ආයුර්වේදයේ සහ දේශීය වෙදකමෙහි ඖෂධ නිපදවන ආකාර කිහිපයක් තිබෙනවා. ගස්වැල්වලින් ලබාගන්නා පොතු, කොළ, මුල්, ගෙඩි ආදී කොටස් භාවිත කර සාදන ඖෂධ තිබෙනවා. ඊට අමතරව රසදිය, රත්තරන්, ගෙන්දගම් ආදිය ද මිශ‍්‍රකර සාදා ගන්නා විශේෂ ඖෂධ වර්ග තිබෙනවා. රස ඖෂධ ලෙස පවසන්නේ රසදිය මූලික කරගෙන සාදන ඖෂධවලටය. මෙම ඖෂධවලට සින්¥රම් බෙහෙත් ලෙස ද පවසනවා.
 
 රසදිය භාවිතයේදී ඒවා මහ රස උප රස ආදී ප‍්‍රභේදවලින්  යොදාගන්නවා.
 
 එසේම මෙම ඖෂධ නිපදවීමට රසදිය යොදා ගන්නේ ඉතා සුළු මාත‍්‍රාවකි. එය ඖෂධ සඳහා යොදාගැනීමේදී ශෝධනයටය සහමාරනයට ලක් කරනවා. එනම් විශේෂ වූ ආකාරයට පිරිසිදු කිරීමකට ලක්කිරීම සහ භස්ම බවට පත්කර ශරීරයට ඉතා ගුණදායී තත්ත්වයට පත් කරනවා.
 
 වෛද්‍යතුමනි, මෙලෙස රසදිය යොදා භාවිත කරන රස ඖෂධ කුමන ආකායේ රෝග සඳහා ලබා දෙනවාද?
 
 ඕනෑම රෝගයකට ලබාදිය හැකියි. නමුත් මෙම ඖෂධ නිෂ්පාදනය සඳහා වැයවන මුදල වැඩියි. ඒ නිසා ඉතා ඉක්මන් ප‍්‍රතිකාර සඳහා සහ බරපතළ තත්ත්වයේ පවතින රෝගවලට වැඩිපුර භාවිත කරනවා. ස්නායු රෝග, පාකින්සන්, හෘද රෝග, දියවැඩියාව වැනි රෝගවලින්් රෝගියාට ඇති වන අපහසුතා වැඩි වනවිට මෙවැනි ප‍්‍රතිකාර මගින් ඉක්මන් සුවය ලබාගත හැකියි.
 
 රස ඖෂධවල ඇති වාජීකරණ ගුණය නිසා තරුණ වියේ සහ මැදිවියේ පසුවන විවිධ රෝග පීඩාවන්ගෙන් පෙළෙන අයට ඉක්මන් සුවය ලබාගත හැකියි.
 
 කුඩා දරුවන් සඳහා මෙම ඖෂධ භාවිත කිරීම අඩුයි.
 
 රස ඖෂධ අතර ඇති ඉතා උසස් ඖෂධයක් ලෙස මකරද්වජ ඖෂධය හඳුන්වනවා. එහි ඇති වාජීකරණ ගුණය ඉතා ඉහළයි. මෙම ඖෂධය සෑදීම සඳහා ගෙන්දගම්, රසදිය සහ රත්තරන් භාවිත කරනවා.
 
 අප මෙම ඖෂධය සෑදීම සඳහා ගෙන්දගම් ලබා ගන්නේ ඇමරිකාවේ ටෙක්සාස් සහ ලූසියානා ප‍්‍රාන්තවල ඇති නෙල්ලික්කා නමැති උසස්ම ගෙන්දගම් වර්ගයයි.
 
 රසදිය ප‍්‍රංශයෙන් ගෙන්වාගනු ලබනවා. වෙනත් රටවල නිපදවන රසදියට වඩා ප‍්‍රංශයේ නිපදවන රසදිය උසස් ප‍්‍රමිතියෙන් යුක්තයි.
 
 එසේම රත්තරන් යොදා ගැනීමේදීත් මිලිසියානු රත්තරන්
 
 යොදාගන්නවා. එවැනි උසස් මට්ටමේ ගෙන්දගම්, රසදිය සහ රත්තරන් යොදාගෙන සකස් කරන මකරද්වජ ඖෂධවල ඇති වාජීකරණ ගුණය ඉතා ඉහළයි.
 
 මෙම මකරද්වජ ඖෂධය මැදිවියට පත්වන විට ඇති වන බොහෝ රෝග සඳහා ගුණ දායකයි. ඇඟ අප‍්‍රාණික බව, ප‍්‍රජනන ශක්තිය දුර්වල බව ආදිය සඳහා ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයටම මෙම ඖෂධ නිසි වෛද්‍ය උපදෙස් මත ලබාගත හැකියි.
 
 වෛද්‍යතුමනි, මෙවැනි රස ඖෂධ භාවිත කිරීමේදී ආහාර පාන ගැනීම යම් පාලනයක් කළ යුතුද?
 
 රස ඖෂධ ගැනීමේදී රෝගීන් ආහාරයට නොගත යුතු ආහාර වර්ග කිහිපයක් තිබෙනවා. එය ලබාදෙන රස ඖෂධය අනුව වෛද්‍යවරයා තීරණය කරනවා. එම ආහාර කකාරෂ්ඨ හෙවත් ‘ක’ අකුරෙන්
 
 පටන්ගන්නා ආහාර වර්ග අටකි. මෙම ආහාර වර්ග අට අතරට කරවිලත් අයත් වෙනවා. ආහාර පාලනය සිදු කරන්නේ රෝගය අනුව සහ ලබාදෙන ඖෂධ අනුවයි.
 
 ඇතැම් රෝගීන් ආයුර්වේද ඖෂධ භාවිතයේදී කරවිල අගුණ දැයි කියා විමසන්නේ මෙවැනි හේතු නිසාය.

Rasa Ousada2
advertistmentadvertistment
advertistmentadvertistment