ව්‍යාපාරිකයාගේ නිවසට පැන වෙඩි තබා බිරිඳ මරති – මතුගම පාතාල කල්ලි දෙකක් ඇවිලෙයි

1942

පළිගැනීමක් බවට සැකයක්

පාතාල ලෝකයේ මිනීමරුවන් දෙදෙනකු මතුගම  ගාමිණී මාවතේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (15 වැනිදා) රාත‍්‍රි කඩා වැදී ඔහුගේ බිරිඳට ටී. 56 ගිනි අවිවලින් හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මතුගම ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක ප‍්‍රතිඵලයක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

ව්‍යාපාරිකයාගේ නිවසට පැන වෙඩි තබා බිරිඳ මරති - මතුගම පාතාල කල්ලි දෙකක් ඇවිලෙයි

මතුගම ප‍්‍රදේශය කේන්ද්‍රකරගත් පාතාල කල්ලි දෙකක නායකයන් වන ශාන් සහ ගවරි යන පාතාල නායකයන් අතර පවතින ආරවුලක් මෙම ප‍්‍රහාරයට හේතුවී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.

පාතාල මිනීමරුවන් දෙදෙනා මෙම නිවසට කඩා වැදී ඇත්තේ අසංක නමැති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීමට බවත් ඔහුට වෙඩි තැබීමට නොහැකි වූ තැන ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇති බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

ව්‍යාපාරිකයාගේ නිවසට පැන වෙඩි තබා බිරිඳ මරති - මතුගම පාතාල කල්ලි දෙකක් ඇවිලෙයි

පාතාල මිනීමරුවන් නිවසට කඩා වැදී ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු තම බාල පුත‍්‍රයා ද සමග කාමරයකට පැන සැඟවී දිවි ගලවාගෙන තිබිණි.

එහිදී පාතාල අපරාධකරුවන් ව්‍යාපාරිකයා සැඟවුණු කාමරයට වෙඩි තබා අති අතර එම ප‍්‍රහාරවලින් ව්‍යාපාරිකයාට තුවාල සිදුවී ඇත.

ව්‍යාපාරිකයාගේ නිවසට පැන වෙඩි තබා බිරිඳ මරති - මතුගම පාතාල කල්ලි දෙකක් ඇවිලෙයි

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම ගාමිණී මාවතේ පදිංචි 40 හැවිරිදි චන්දිමා දිල්හානි නමැති තිදරු මවකි.

මෙම ප‍්‍රහාරය සඳහා පාතාල මිනීමරුවන් දෙදෙනකු මුහුණු ආවරණය වන හිස් වැසුම් පැළඳ ටී 56 සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි දෙකක් රැුගෙන පැමිණ ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

තිදරු මවට සහ ඇගේ සැමියාට ටී. 56 අවියෙන් වෙඩි ප‍්‍රහාර 7 ක් එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙහිදී ඝාතනයට ලක්වූ තිදරු මවගේ සැමියා අසංක වන අතර ඔහු මතුගම ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. කායවර්ධන මධ්‍යස්ථානයක්, ජංගම දුරකථන අලෙවි සලක් පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයා කලක් කොරියාවේ රැුකියාවක් කළ අයෙකි.

පොලිසිය පවසන අන්දමට මෙම ව්‍යාපාරිකයා මතුගම ප‍්‍රදේශයේ පාතාල නායකයකු බව කියන ‘ගවරි’ නමැත්තා සමඟ සමීපව කටයුතු කළ අයෙකි.

ගවරි නමැති පාතාල නායකයා සහ මතුගම ශාන් නමැති පාතාල මැරයා එක පංතියේ එකට ඉගෙන ගත් සමීප මිතුරන් බව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා එකම පාතාල කල්ලියක සාමාජිකයන් වූ අතර මීට ටික කාලයකට උඩදී ඔවුන් අතර ආරවුල් හටගෙන තිබිණි. එම ආරවුල්වල ප‍්‍රතිඵලයක් ලෙස ගවරි නමැත්තා ශාන්ගේ පාතාල කල්ලියෙන් ඉවත්වී වෙනම පාතාල කණ්ඩායමක් හදාගෙන ඇත.

මීට වසර කීපයකට පෙර ශාන් නමැත්තා හොර රහසේම රටින් පලාගිය අතර ගවරි නමැත්තා මතුගම පාතාලයේ බලය සියතට ගෙන තිබේ.

ඉකුත් 09 වැනිදා ‘ගවරි’ නමැත්තා මතුගම නගරයේ පිහිටි ශාන්ට අයත් බව කියන මූල්‍ය ආයතනයකට කඩා වැදී මහ දවල් ඊට ප‍්‍රහාරයක් එල්ල කර විනාශ කර තිබිණි.

මෙම ප‍්‍රහාරය නිසා කෝපයට පත්වූ ශාන් නමැති පාතාල නායකයා එකට එක කිරීමක් ලෙස ‘ගවරි’ ගේ සමීපතමයකු බව කියන අසංක ඝාතනය කිරීමට සැළසුම් කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ව්‍යාපාරිකයා තම නිවසට මීට දින තුනකට රපර සී සී ටී වී කැමරාද සවිකර තිබිණි. පොලිසිය පවසන්නේ තමන්ට එල්ලවී ඇති තර්ජන නිසා සවස 6 න් පසුව නිවසේ දොරවල් විවෘත කරගෙන පිටතට නොයන ලෙස ව්‍යාපාරිකයා තම බිරිඳට අවවාද කර තිබූ බවයි.

එහෙත් පෙරේදා රාත‍්‍රි 8.30 ට පමණ නිවස ඉදිරිපිට කූඩුවල සිටින බල්ලන්ට කෑම දැමීම සඳහා දොර විවෘත කරගෙන පැමිණ ඇත. ඒ අවස්ථාවේ සැඟවී සිටි පාතාල මිනීමරුවන් දෙදෙනක් එකවරම නිවසට කඩා වැදී ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්සාහ කර තිබේ.

පාතාල මිනීමරුවන් දටු සැණින් ක‍්‍රියාත්මක වී ඇති ව්‍යාපාරිකයා තම 11 හැවිරිදි බාල පුත‍්‍රයාද රැුගෙන නිවසේ උඩුමහලේ කාමරයකට දිව ගොස් එහි සැඟවී ඇත.

ඒ වන විට ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ 17 හැවිරිදි අනෙක් දරුවා උඩුමහලේ සිටි ඇති අතර ඔවුන් දෙදෙනාද ඝාතකයන්ගෙන් බේරීමට උත්සාහ කර තිබේ.

ඝාතකයන් ව්‍යාපාරිකයා සැඟවුණු කාමරයේ දොර විවෘත කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථවී ඇත. පසුව ඔවුන් කාමරයට වෙඩි ප‍්‍රහාර 5 ක් එල්ල කර තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට නොහැකි වූ තැන පාතාල මැරයන් ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිඳ සිහිසුන්ව බිම වැටුණු අවස්ථාවේ පාතාල මිනීමරුවන් ඇගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

මෙම ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඒ අවට ප‍්‍රදේශයේ සවිකර ඇති සී සී ටී වී කැමරා දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ හුවමාරු වූ දුරකථන පණිවිඩ සම්බන්ධයෙන්ද පොලිසිය සොයා බලාගෙන යයි.

මේ වනවිට විදේශගතව සිටින ශාන් නමැත්තා සිය පාතාල කල්ලියේ ගෝලයන් දෙදෙනකු යොදවා මෙම ඝාතනය කි‍්‍රයාත්මක කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලූගල යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුනු හා එස්. ඒ. ඒ. පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment